IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බරින් අඩු පාන් වික්ක තුනකට නඩු

(මහින්ද නිශ්ශංක  සහ කීර්ති ප්‍රනාන්දු)

බර ප්‍රමාණය අඩු පාන් නිෂ්පාදනය කොට අලෙවි කළ පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන බේකරි හිමියන් තිදෙනකුට විරුද්ධව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා අංශය මගින් නඩු පවරා ඇත .

බර අඩු පාන් නිපදවූ මෙම බේකරි හිමියන් තිදෙනා ඉකුත් දා සිදු කළ වැටලීමකදී  අත්අඩංගුවට ගෙන තිබේ .

පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 කින් යුක්ත විය යුතු නමුත් මෙම බේකරි වල නිෂ්පාදනය කළ පාන් ගෙඩි වල බර ග්‍රෑම් 348 ක් පමණ බවට පරීක්ෂණවලදී තහවුරු වී තිබේ .

ඒ අනුව එම බේකරි හිමියන් දෙදෙනාට විරුද්ධව ගංගොඩවිල සහ හෝමාගම යන අධිකරණ වල නඩු පවරා ඇත .

පාන් මිල ඉහළ දැමීමෙන් පසු පාන් ගෙඩියේ බර සම්බන්ධව ලැබෙන පාරිබෝගික පැමිණිලි සැලකිල්ලට ගෙන අඩුබර පාන් සොයා වැටලීම් දිගටම කරගෙන යන බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි .

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා අංශයේ කාර්ය භාර නිළධාරි ඩබ්ලිව් . සී . සරෝජා මහත්මියගේ මෙහෙයවීමෙන් මිනුම් සේවා උපක්‍රම පරීක්ෂකවරුන් වෙන කේ .එස්. කඩවතආරච්චි මහතා සහ එස් . එම්.කේ . ලක්මාලි මහත්මියද මිනුම් ප්‍රමිති සහායකවරුන් වන ආර්.එම් . වීරසිංහ සහ එම් .පී.එම් .ප්‍රනාන්දු යන නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකොට තිබේ .

 



අදහස් (5)

බරින් අඩු පාන් වික්ක තුනකට නඩු

Janithaa Monday, 22 August 2022 06:16 PM

කොළඹ දිස්ත්‍රික්කයේ එහෙම කලාට රත්නපුර දිස්ත්‍රික්කයේ එහෙම කරන්නෙ නැහැ එම දිස්ත්‍රික්කයේ සමහර නගරවල පාන් ගෙඩියක් ග්‍රෑම් 300 ක් වත්නැතුව විකුණන අයත් ඉන්නවා

:       0       8

Prasanna Bandara Monday, 22 August 2022 07:34 PM

පාන් ගෙඩියක බර 348g හොඳටම ඇති. ලංකාවේ වැඩිපුරම තියෙන්නේ 200g පාන් රාත්තල්... ඔබතුමාලා පාන් මිලදී ගන්නේම නැද්ද?

:       0       0

fairoos Monday, 22 August 2022 07:42 PM

ඇයි කොළඹ විතරක්...? අනිත් තැන්වලට බැරිද?

:       0       0

මහිලල් Monday, 22 August 2022 09:19 PM

කොතරම් පැමිනිලි කළත් ගම්පහ නම් ජයටම අඩු බර පාන් විකුණනව. අදාල නිලධාරීනුත් කන්නෙ එම අඩු බර පාන්මයි.

:       0       0

k r u liyanage Tuesday, 23 August 2022 09:56 AM

බොහෝ දේවල් කිරා මැන විකුණන යුගයක තවමත් පාන් විකිණෙන්නේ ගෙඩි ලෙසය. පාන් ද බර අනුව ගෙවීමට සැලසීම තුළින් පාරිභෝගිකයන් ආරක්ෂා වෙනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site