IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බ්‍රැන්ඩික්ස්, ‘කාන්තා හිතකාමී සේවා ස්ථානයක්’

බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය පසුගියදා පැවති 2023 Women-Friendly Workplace Awards  හිදී තවත් ශ්‍රී ලාංකික සමාගම් 9 ක් සමඟ ‘වඩාත් විශිෂ්ටතම  කාන්තා හිතකාමී සේවා ස්ථාන’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

AICPA වරලත් ගණකාධිකාරී ආයතනය (CIMA) සහ SATYN Magazine එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. එහිදී ස්ත්‍රී පුරුෂ සමානත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දක්වන ලද මහඟු‍ දායකත්වය අගයමින් බ්‍රැන්ඩික්ස් වෙත මෙම සම්මානය පිරිනමන ලදි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයනකරු වන බ්‍රැන්ඩික්ස්, කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ යහපැවැත්ම, වෘත්තීය දියුණුව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ. මෙරට තුළ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ කාන්තා නියෝජනය සියයට 77  ක් වන අතර, ඉහළ පෙළ තනතුරු තුළ ඔවුන්ගේ නියෝජනය සියයට 27 කි. එමෙන්ම සමාගමේ නායකත්ව වැඩසටහන් සඳහා කාන්තා සහභාගීත්වය සියයට 40 ක් වන අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තා නියෝජනය සියයට 17 ක් වේ.

බ්‍රැන්ඩික්ස් සමූහය මේ වනවිට රැකියා ස්ථානය තුළ අපයෝජනය සහ පීඩාවට පත්කිරීම් වැළැක්වීමේ ප්‍රතිපත්තිය සහ විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ ප්‍රතිපත්තිය ඇතුළුව අන්තර්කරණය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති රාශියක් හඳුන්වා දී ඇත. එමෙන්ම දරුවන් රැකබලාගැනීමට සහය වීම, නම්‍යශීලී රැකියා විධිවිධාන පිරිනැමීම සහ සමාන වැටුප් ලබාදීම ආදී වශයෙන්, කාන්තාවන්ට හිතකර වූ විධිවිධාන හඳුන්වා දීමටද සමූහය නිරන්තරයෙන් පියවර ගෙන තිබේ.

සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගැනීමේදී කාන්තාවන්ට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම, සෑම මට්ටමකදීම කාන්තාවන් නියෝජනය වීම, වැටුප්, පුහුණු හා සංවර්ධන අවස්ථා පිරිනැමීම සහ කාන්තාවන්ට හිතකර රැකියා පරිසරයක් පවත්වාගෙන යාමට කැපවීම වැනි සාධක සැලකිල්ලට ගන්නා ලදි. මෙම සෑම කාණ්ඩයකදීම බ්‍රැන්ඩික්ස් සමූහය ඉදිරියෙන්ම සිටි අතර, විශේෂයෙන්ම කාන්තාවන්ට විශේෂ වූ ගැටලු‍ ආමන්ත්‍රණය කිරීමේදී බ්‍රැන්ඩික්ස් සමූහය කැපීපෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව එහිදී නැවත වරක් තහවුරු විය.

595



අදහස් (0)

බ්‍රැන්ඩික්ස්, ‘කාන්තා හිතකාමී සේවා ස්ථානයක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site