බ්‍රිතාන්‍ය නව විදේශ ලේකම් ඬේවිඞ් කැමරන් පෙර දැනුම්දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
විදේශ ලේකම්වරයා පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයට පැමිණියේ, ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි.
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ද වන ඬේවිඞ් කැමරන්, විදේශ ලේකම් ධුරයට පත් කෙරුණේ වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ මැදිහත් වීමෙනි. කැමරක් යළි දේශපාලනයට පිවිසියේ වසර 7 කට පසුව වීම ද විශේෂත්වයකි.
රුසියන් ආක්‍රමණය හමුවේ, නොකඩවා යුක්රේනයට මහා බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙන බව අවධාරණය කිරීම ඬේවිඞ් කැමරන්ගේ මෙම යුක්රේන සංචාරයේ අරමුණ විය. යුක්රේන ජනාධිපතිවරයාගෙන් කැමරන්ට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හදිසියේම යුක්රේනයට