IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘බ්‍රිතාන්‍ය ලංකාව ගැන මීට වඩා සිති යුතුයි‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ප්‍රමාණවත් නොවන බව බ්‍රිතාන්‍ය වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ශ්‍රීමත් පීටර් හීප් මහතා 'ද ගාර්ඩියන්' පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළේය.

උදව් අවශ්‍යම මොහොතක සිටින තම සහෝදර පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් වන ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා බ්‍රිතාන්‍ය මීට වඩා වැඩි යමක් කළ යුතු බව ඔහු පැවසුවේය.

ශ්‍රී ලාංකිකයන් ආහාර හිඟය හේතුවෙන් කුසගින්නේ පෙළෙන බවත් ඖෂධ හිඟය සහ ඉන්ධන හිඟය හේතුවෙන් දුෂ්කරතා රාශියකට මුහුණපෑමට සිදුව ඇති බවත් ශ්‍රීමත් පීටර් හීප් මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට කෙසේ පත් වුවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් වන ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමේදී බ්‍රිතාන්‍ය පෙරමුණ ගත යුතු බව ශ්‍රීමත් පීටර් හීප් මහතා සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර සහන ප්‍රයත්නයකට නායකත්වය දිය යුතු බවත් හැකිනම් පොදුරාජ්‍ය මණ්ඩලය හරහා හෝ එය ලබා දිය යුතු බවත් ඔහු පැවසුවේය.

බ්‍රිතාන්‍ය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මාර්ගයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව පැවසුවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ශ්‍රීමත් පීටර් හීප් මහතා අවධාරණය කළේය.

 



අදහස් (4)

‘‘බ්‍රිතාන්‍ය ලංකාව ගැන මීට වඩා සිති යුතුයි‘‘

මෝ Monday, 18 July 2022 09:13 PM

මෙදාපාර රනිල්ගේ බඹරෙ වැල්ලේත් කැරකෙන සීන් එකක් තමයි පේන්නේ...

:       0       0

ඉන්ඳියන් සාගරයේ.. Monday, 18 July 2022 10:15 PM

අනේ දෙන්න දෙන්න තව සහය දෙන්න..! අරගලය නවත්තන්නෙම නැතිවෙයි..! ඇත්තද ඉන්ඳියන් කාරයෙක් එංගලන්තෙ අගමැති පුටුවට එන්න යනවා කියන්නේ..! එතකොට ඉන්ඳියන් සාගරයේ "ලොකු- ඇටය" කියලා විරුදාවලිය ලබයි නේද?

:       33       8

Prabha Monday, 18 July 2022 11:28 PM

කොච්චර ආදාර දුන්නත් යන්නෙ මකර කඩටෙකොච්ච.

:       3       24

විපරමා Tuesday, 19 July 2022 12:14 AM

සුනාමි කාලේ දීපු පවුම් මිලියන ගානක් ගසාකාපු දූෂිත දේසපාලුවෝ ලන්කාවේ ඉන්නේ . රටම හොරාකාලා ජනතාව මහපාරට ඇදලා දැම්මෙත් දේසපාලුවෝ .දැන් ලෝකේ වටේ හිඟමනේ යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site