IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යයෙන් ආයෝජන ගේන්න කන්නයියා පත්කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා නියෝජිතයින් පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එක්සත් රාජධානියේ නියෝජිතයා ලෙස කන්නයියා ගජන් මහතා පත්කෙරිණි.  

ආයෝජන ප්‍රවර්ධන ඇමති දිලුම් අමුණුගම විසින් ඒ මහතාට පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී.

එම පත්වීම අද (1) සිට ක්‍රියාත්මක වන අතර එක්සත් රාජධානියේ සිට බලශක්ති, කෘෂිකාර්මික, නගර සංවර්ධන, ඛණිජ සම්පත් සදහා ආයෝජකයින් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ඔහුට පැවරී තිබේ.

යාපනයේ උපන් කන්නයියා ගජන් මහතා බි්‍රතාන්‍යයේ පදිංචිකරුවෙකි. එරට සෆෝක්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධියක් වන අතර ඔහු බි්‍රතාන්‍යයේ ව්‍යාපාර රැසක හිමිකරුවෙකි.

මහා බි්‍රතාන්‍යයේ කෙයාර් ඉන්ටර්නැෂනල් ව්‍යාපෘති කළමණකරු සහ විවිධ සමාගම්වල  ප්‍රධාන විධායක නිලධාරියෙක් ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

බි්‍රතාන්‍යයේ ලොටස් විලේජ් හෝම් කෙයාර් සමාගමේ නිර්මාතෘ සහ  ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඒ මහතා නොදර්න් කැම්පස්හි ශ්‍රී ලංකා නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ වර්ල්ඩ් ඉකොනොමිස්  චිවස්ලොස්මන්ට් සංවිධානයේ සහ ෆුඩ් ඔෆ් සිලෝන් සමාගමේ නිර්මාතෘවරයා ද වේ. 



අදහස් (9)

බ්‍රිතාන්‍යයෙන් ආයෝජන ගේන්න කන්නයියා පත්කරයි

muditha Wednesday, 01 March 2023 11:48 AM

හොඳයි . අපි එකම ජාතියක් විය යුතුයි.

:       2       19

Perera Wednesday, 01 March 2023 12:11 PM

අනිත් අය වගේ එයත් කන්න ගජයෙක්ද?

:       11       3

GAMAGE Wednesday, 01 March 2023 12:28 PM

හොඳයි.. විශිෂ්ඨයි... කන්නයියාට සුබපැතුම්..!

:       1       18

Jagath Wednesday, 01 March 2023 01:17 PM

මේ බංකොළොත් වෙච්චි දේශපාලනයක් තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන, ණය නොගෙවන, කොමිස් කුට්ටි බලාපොරොත්තුවෙන් ආයෝජකයින්ට බලපෑම් කරන දේශපාලුවන් ඉන්න රටක කවුද ආයෝජනය කරන්න ඉදිරිපත් වෙන්නේ..? ආයෝජකයින්ට පිස්සු නැත්තං ෂෝක්. බලාගෙන ඉන්න ආයෝජන එනතුරු...!

:       11       13

Lal Wednesday, 01 March 2023 01:26 PM

දැනට ඉන්න ආයෝජකයෝත් ශ්‍රී ලංකාව අතහැරලා යන වෙලාවේ අලුතින් ආයෝජකයින් ගෙන්න ගන්න පුළුවන් වෙයිද..?

:       5       12

fairoos Wednesday, 01 March 2023 02:00 PM

කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වෙනවා

:       0       0

Mahi Wednesday, 01 March 2023 02:10 PM

නෑදෑකම් යාළුකම් වලට ආයෝජන එන්නේ නෑ. ආර්ථිකය හොඳ නම් බලෙන් එන්නේ මිනිස්සු business කරන්න. මෝඩ මිනිස්සු ඉන්නකම් ඔවා විශ්වාස කරයි. තව මාස කීපයක් යනකොට තවත් අනා ගනිය්

:       0       0

swene Wednesday, 01 March 2023 03:17 PM

විදේශ දුත මණ්ඩල වලට දේශපාලන හෙන්චයියලා සහ නෑදෑයින් පත් නොකර, සුදුස්සන් යොදවා ඔවුන්ගේ රාජකාරියක් ලෙස ඔවැනි දෑ කරවා ගත හැක. අමතරව පිටින් යෙදවීම මුදල් නාස්තියකි.

:       0       0

sunil Wednesday, 01 March 2023 06:07 PM

ඇයි අපේ තානාපති කාර්යාල කුමකටද ? ඒවා නුසුදුස්සන්ගෙන් පුරවලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site