(උපාලි ආනන්ද)
කලාවැව රක්ෂිතයට සහ ඒ අවට පරිසරයට ගාම්භීරත්වයක් සහ සුන්දරත්වයක් එක් කරමින් වසර ගණනාවක් තිස්සේ එම ප්‍රදේශවල සැරි සැරූ බරණ නමින් ප්‍රචලිත දළ ඇතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් කොස්තාපල්වරයකු බවට හඳුනා ගෙන ඇතැයි ගල්කිරියාගම වනජීවි කාර්යාලය සඳහන් කරයි.
අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු දැනට සේවය කරමින් සිටින ගල්කිරියාගම පොලිස් ස්ථානයට ගොස් පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව පවතින චෝදනාව සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපතිවරයාට සහ සැකකාර පොලිස් කොස්තාපල් වරයාට දැනුම් දුන් අවස්ථාවේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා දුරකථන ඇමතුමක් ලබා ගන්නා මුවාවෙන් වන ජීවී නිලධාරීන් ගෙන් වසන් වී, මේ වන විට පලා ගොස් ඇති බවද පවසන ගල්කිරියාගම වනජීවි කාර්යාලය, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය ද නිවසින්ද ඔහු පළා ගොස් ඇති බවද කීවේය.
මේ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනජීවී කාර්යාලය මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එහිදී කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණිය ගොඩ මහතා ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කර ඇත්තේ බරණ ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මෙහෙයවා ඊට සම්බන්ධ සියලු සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බරණ ඝාතනයට කොස්තාපල්වරයකු සොයයි