IMG-LOGO

බ්‍රැඩ්මන් වීරකෝන් දිවි සැරිය නිම කරයි

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රකට සිවිල් සේවකයකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියකු ලෙස සැලකෙන බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අද අභාවප්‍රාප්ත විය

මිය යන විට 94 වෙනි වියේ පසු ඔහු අග්‍රාමාත්‍යවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරුන් තුන්දෙනෙකු යටතේ ලේකම් ධූරයේ සේවය කර තිබීම විශේෂත්වයකි.

1954 වසරේදී සිවිල් සේවයට බැඳුණු බ්‍රැඩ්මන් වීරකෝන් මහතා හිටපු අග්‍රාමාත්‍යවරයක වන ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ ලේකම් වශයෙන් මුලින්ම කටයුතු කළේය.

කළුතර හෝලික්‍රොස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලබා ගත් ඔහු පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. හෙතෙම එම විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව සම්බන්ධයෙන් ගෞරව උපාධියද පසුව ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගත්තේය.

 



අදහස් (6)

බ්‍රැඩ්මන් වීරකෝන් දිවි සැරිය නිම කරයි

Asela Monday, 07 July 2025 02:26 PM

ඔහුගේ අභාවය සහ ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වීම ගැන කණගාටුයි. මෙම මහත්මයා රාජ්‍ය නායකයා විසින් ඉහළම මට්ටමේ සේවය සඳහා තෝරාගෙන ඇති ඉහළම සිවිල් සේවකයෙකි. රාජ්‍ය නායකයා විසින් ඔහුව තෝරා ගන්නා ලදී. ශාස්ත්‍රීය වශයෙන්, වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලත් හොඳ මහජන සම්බන්ධතා සහ රාජ්‍ය තාන්ත්‍රික කුසලතා ඇත. දැන්, ඊනියා ව්‍යාජ නායකයින් ඇති ඇඳ සහකරු තෝරා ගනී. වහලුන් පමණක් එයට ප්‍රශංසා කරන අතර උගත් අය එය පිළිකුල් කරති.

:       4       17

බකල ජයා Monday, 07 July 2025 03:40 PM

මැරෙන අය දැන් ඇත්තේම නැතිතරම්, ඉන්නේ දිවිසැරිය නිම කරන, දිවි රඟ මඩලෙන් බැසයන, ජාතියට සමුදෙන අය...

:       2       15

නිමල් Monday, 07 July 2025 09:20 PM

මෙතුමා ජනාධිපති ලේකම් කාලේ තමයි ඉතිහාසේ පළමු වතාවට විදේශ සේවයේ පාස් වීමේ කඩ ඉම පල්ලෙහාටම දාලා හෙන ලොට්එකක් ඉන්ටවීව් කලේ. තේරුණ අය අතර ඔය වාසගම තිබුණු කෙනෙකුත් හිටිය.

:       0       0

nihal Tuesday, 08 July 2025 02:27 AM

කොහොම නමුත් ... අපේ රටේ පිරිහීමට ඔබලාද වගකිව යුතුය... සාපවේවා ... සාපවේවා...

:       0       0

Mahasen Tuesday, 08 July 2025 08:33 AM

ඔබතුමන්ට උතුම් නිර්වාණාවබෝධයම වේවා !!!

:       0       0

Bunny Preena Tuesday, 08 July 2025 11:01 AM

සියලු දෙනාගේම ගරු බුහුමන් වලට පාත්‍රවුණු හොඳ මහත්මා ගති තියෙන සිවිල් නිලධාරියෙක්. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site