(රන්ජන් කටුගම්පොළ)
පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා මේජර් ජනරාල් තනතුරට උසස් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය හමුදාපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය.
ඊට අමතරව ඒ මහතාට හිමිවිය යුතු හිඟ දීමනා සහ වැටුප් වර්ධක ලබා දෙන්න ලෙසට අධිකරණයෙන් නියෝග කෙරිණි.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා ගොනු කොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කිරීමෙන් අනතුරුවය.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම රීට් පෙත්සමේ වග උත්තරකරුවන් හැටියට ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බ්‍රිගේඩියර චන්දන මේජර් ජනරාල් තනතුරට නිර්දේශ කරන්නැයි නියෝගයක්
Sydney wijesinghe Sunday, 10 December 2023 02:57 PM
තම ජීවිතයම රට වෙනුවෙන් කැපකර සේවයේ යෙදෙන නිදොස්කෙනෙකුට ලැබිය යුතු උසස්වීම් හා අදාල වැටුප් දීමනා ඇතුළු සියල්ලක්ම අයිතිවාසිකම් (entitlement) ලෙසට හඳුන්වා ඇති අතර සෙසු හිමිකම් වරප්‍රසාද සියල්ලක්ම (privileges) ගණයට වැටෙයි, කෙනෙකුගේ ජීවිතයේ යෞවන වයසම රට වෙනුවෙන් කැපකර විශ්‍රාම දිවිය පෙනෙන මානයේදී තමන්ට හිමිවියයුතු අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබාගැනීම සඳහා අධිකරණයට පිය නගන්නට සිදුවීම, කෙතරම් ඛේදජනක සිදුවීමක්ද? උදාර රණවිරුවන්ට හිමි වර්තමානය මෙයද? ඔවුන්ගේ ඉදිරි අනාගතය කෙබඳු වියහැකිද?