(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොටදෙණියාව කරබොටුවාව ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ උණු කිරීමේ වැඩපොලක අද(3) උදෑසන බොයිලේරුවක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් එහි සේවය කළ ඉන්දියානු ජාතිකයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා ජාවිඩ් නමැත්තෙකු බවට හඳුනාගෙන ඇත.
ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් සේවයේ නිරත ඉන්දියානු සමාගමක් මගින් පවත්වාගෙන යන මෙම කම්හලේ අබලි යකඩ උණු කරමින් තිබියදී බොයිලේරුව පිපිරීමකට ලක් වීමෙන් එහි දියවී තිබූ යකඩ කොටස් විසිරීමෙන් පිළිස්සුම් තුවාල ලත් තිදෙනා මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ජාවිඩ් නමැති ඉන්දියානු ජාතිකයා මියගොස් ඇති බව හෙළි වී ඇත.බරපතළ තත්ත්වයේ සිටි සෙසු තුවාල කරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට මාරුකර යවනු ලැබීය.
පිපිරීමත් සමඟ ම විසිරී ගිය ද්‍රාවණය වූ යකඩ කොටස් විසිරී මෙන් පසු තැන තැන කුට්ටි වශයෙන් විසිරී පැවති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
සිද්ධිය වූ ස්ථානය පොලිස් අපරාධ පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබූ අතර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද පොලිසිය කටයුතු යොදනු ලැබීය. මියගිය අය ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බොයිලේරුවක් පුපුරා ඉන්දියානු ජාතිකයෙක් මරුට-2ක් රෝහලේ
සිරි Sunday, 03 January 2021 06:09 AM
කොටදෙනියාවේ සුප්‍රසිද්ධ ඕඅයිසී මහත්මයා තවම එහෙද දන්නේ නැහැ.