IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බයික් හොරා හොර යතුරු පැදි සමග මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල මහමග නවතා තැබෙන යතුරුපැදි සොරා ගැනීමට පුරුදුව සිටි පුද්ගලයකු සොරාගත්  යතුරු පැදි 19 හා ලියාපදිංචි අංක තහඩු 14 සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

එහිදී පල්සර් වර්ගයේ යතුරු පැදි 18, සී.ටී 100 වර්ගයේ යතුරු පැදියක් හා ලියාපදිංචි අංක තහඩු 14 මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අද (22) දා උදෑසන බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණ මෙම භාණ්ඩ පරික්ෂාවට ලක් කෙරිණ.

ඒ අනුව සොරාගත් යතුරුපැදියක් තලපත්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට ලද තොරතුරකට නිලධාරි කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී එහි තිබී පල්සර් වර්ගයේ යතුරුපැදි තුනක් හා යතුරු පැදි වලින් ගැලවූ ලියාපදිංචි අංක තහඩු අටක් සමග නිවසේ සැඟව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොළඹ අවට සහ ගාල්ල ප්‍රදේශවලින් සොරා ගත් තවත් යතුරු පැදි රැසක තොරතුරු අනාවරණය වූ අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුව ගාල්ල , කළහේ, පැලැන්ගස්වත්ත ප්‍රදේශයේ සැකකරුට අයත් නිවසක සඟවා තිබී තවත් යතුරුපැදියක් සහ ලියාපදිංචි අංක තහඩු හයක් පොලිස් භාරයට ගත් බව පැවසේ.

 



අදහස් (0)

බයික් හොරා හොර යතුරු පැදි සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site