IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බඹර ප්‍රහාරයෙන් කතුන් හතක් රෝහලේ

(සමන් පාලිත නානායක්කාර )

හපුතලේ  සර්වුඩ්වත්තේ අද(27) සවස තේ දළු කඩමින් සිටි කාන්තාවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් හයදෙනකු හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ  දිසාරෝහල පවසයි. 

දළු කඩමින් සිටි පිරිසට සවස දෙකට පමණ මෙසේ බඹර ප්‍රහාරය එල්ල වී  තිබේ. 

දුම්ගසා ඇවිස්සී සිටි බඹරු පලවා හැර  අසල්වාසීන් විසින් බඹර ප්‍රහාරයට ලක්වූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර  හපුතලේ  ගෝනමොටාව  වත්තේ දී බඹර ප්‍රහාරට ලක්වූ වතු කම්කරුවෙකුද අද  දහවල් හපුතලේ  දිසාරෝහලට ඇතුළත් කර තිබේ.

වයස අවුරුදු විසි නවය සහ පනස් පහ අතර පසුවන පිරිසක් මෙසේ බඹර ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කර තිබේ.

හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. 



අදහස් (1)

බඹර ප්‍රහාරයෙන් කතුන් හතක් රෝහලේ

Ruwan De Silva Thursday, 27 June 2024 08:03 PM

ඒ සත්තු ඔය පැණි එකතු කරන්නේ ඔවුන්ගේ ඊළඟ පරපුරට, අපේ අය ගිහිල්ලා කුඩු කඩලා පැණි අරන් වැඩි ගාණට විකුණලා ජීවත් වෙනවා. එක්කෝ පිටරට වගේ වෙනම වගා කරන්න ඕනේ. කැලේ ඉන්න සත්තුන්ට පාඩුවේ ඉන්න දීලා. අන්න යුරෝපයේ මී මැස්සෝ වඳවී යනවලු තව අවුරුදු 15කින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1086 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site