
(සමන් පාලිත නානායක්කාර)
බඹරකන්ද දිය ඇල්ල ඉස්මත්තේ පිහිටි දිය වළකට වැටී පේරාදෙණිය සරසවියේ තෙවන වසරේ සිසුවකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පදිංචිව සිටී එච්. එම්. හසංක විකුම් විතාරන නමැති 25 හැවිරිදි සිසුවෙකි.
බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට මිතුරන් පස් දෙනකු සමග සංචාරයක පැමිණ දියනාමින් සිටි අතරතුර මොහු මෙසේ ගැඹුරු දිය වළකට ලිස්සා වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය කියයි.
බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබා නොගෙන වැලි වංගුව හරහා කැලෑ පාරකින් දියඇල්ල පරිශ්‍රයට පිවිසී ඇති බවට හෙලිවී ඇතැයිද පොලීසිය කියයි.
මේ පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය හල්දුම්මුල්ල දිසා රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග සුරවීර මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරකන්දේ දිය වළකට වැටී පේරේ සරසවි සිසුවා මරුට