(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ මහලේකම් තානාපති අම්බ් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද(19)සිදු විය.
මෙම හමුවේ දී විවිධ බිම්ස්ටෙක් මුලපිරීම් යටතේ කලාපීය සහයෝගීතාව මෙන්ම සෞඛ්‍ය, තාක්ෂණික සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කෙරිණි.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ, විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අංශයන් හි ප්‍රගමනය උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව මහලේකම්වරයා සිය ප්‍රශංසා ව පළ කළ අතර, බටහිර සහ දේශීය වෛද්‍ය අංශ දෙකම ඉහළ නැංවීමට BIMSTEC සහ ශ්‍රී ලංකාව අතර අනාගත සහයෝගීතාවයේ ශක්තිමත්භාවය මෙන්ම ඊට අදාළ විභව ක්ෂේත්‍රයන් පිළිබඳව ද මෙහිදී කරුණු දැක්වීය.
බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවට බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය යන රටවල් 07 ඇතුළත් වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බිම්ස්ටෙක් මහලේකම් සුව නි,ඇමති හමු වෙයි