(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අමාත්‍යවරයකුට අයත් නිල රථයක් බීමතින් පදවාගෙන ගිය බව කියන එම අමාත්‍යවරයාගේ රියදුරා නාරහෙන්පිට පොලීසිය අද අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අමාත්‍ය වරයාගේ නිල රථය ද මේ සමඟ පොලිස් භාරයට ගෙන ඇත.
රියදුරා බීමතින් සිටි බව අදාළ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරා බීමතින් රථය පදවාගෙන යන අවස්ථාවේ අමාත්‍යවරයා රථයේ ගමන් කර නොමැත.
අමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු මේ අවස්ථාවේ එම නිල රථයේ සිට ඇතැයි එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
නාරහෙන්පිට පොලිස් ස්ථානයට ඇතුළුවීමට ඇති ප්‍රධාන දොරටුව ළඟ දී පොලිස් නිලධාරීන් සමඟ ඇමති රියදුරා සහ පොලිස් කොස්තාපල්වරයා බහින්බස් වීමක් සිදු කර ගෙන තිබෙන බවද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
පොලිස් නිලධාරියෙක් මේ බව පොලිස් පොතේ සටහන් ද යොදා ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමතින් රිය පැදවූ ඇමති රියැදුරා මාට්ටු
Banda Wednesday, 21 June 2023 05:26 AM
මෙවැනි ප්‍රවුර්ති පලකිරීමෙ ඇති ප්‍රයෝජනය කුමක්ද ? ඒ රියදුරාට දඬුවම් ලැබෙයි කියල ඔබල හිතනවද ?රට විනාස කරන හැත්තක් ඉන්න බව ඔබ දන්නේ නැද්ද?
fairoosWednesday, 21 June 2023 12:10 PM
ඇමතිගෙ නම ප්‍රසිඩ්ඩ කරන්ඩ බැරිනම් මේවයි වැඩක් නැහැ