IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බඳින තුවක්කුව පත්තුවී මුරකරු මරුට

(සිතුම් චතුරංග )

මන්නාරම, සිලාවතුර පරප්පකණ්ඩාල් හි කජු සංස්ථාවට අයත් ගොවිපොලේ  මුරකරුවකු එහි රාජකාරී කරමින් සිටියදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මියගොස්  අ‍ැතැයි සිලාවතුර පොලිසිය කියයි. 

රාජකාරී කරන අතරතුර  කැළෑව සහිත ස්ථානයක් අ‍ාසන්නයෙන් ගමන් කිරීමේදී  බඳින තුවක්කුවේ මරුවැල පෑගී ක්‍රියාත්මක වීමෙන් මුරකරු එලෙස මියගොස්  අ‍ැතැයි ද පැවසීය. 

එලෙස මියගොස් අ‍ැත්තෙ මන්නාරම උයිලන්කුලම, පරප්පකණ්ඩාල්  පදිංචි සිවගුරුනාදන් නැමති 44 හැවිරිදි අයෙකි. 

බඳින තුවක්කුව පත්තුවීමෙන් මුරකරු බරපතල තුවාල ලබා සිලාවතුර රෝහලට අ‍ැතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් අ‍ැති බවයි. 

බඳින තුවක්කුව අ‍ටවන ලද පුද්ගලයා මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පැවසීය. 

 



අදහස් (1)

බඳින තුවක්කුව පත්තුවී මුරකරු මරුට

Ruwan De Silva Monday, 17 June 2024 10:43 PM

දඩමස් හින්දා අටවන උගුල් වලට හව් වෙන්නේ අහිංසක මිනිස්සු. වෙන රටවල් වල නම් අවුරුදු 20-30 හිරේ ලංකාවේ නීතිය නමට විතරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site