
(සුජිත් හේවාජුලිගේ)
සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ හෙට (3) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පනහේ සිට සත විසිපහ දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු බදු ආදායම සහ මහජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගන්නා බවමූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
සීනි බදු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මෙසේ රුපියල් පනහේ සිට සත විසිපහ දක්වා අඩු කර ඇතැයි පැවසෙන්නේ ඉකුත් 2020 ඔක්තෝබර් මස 13 වැනිදාය.
එම කාල සීමාවේදී බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ලෙස කටයුතු කර ඇති බැවින් ඊට අදාලව ඔහුට පැවරී තිබූ බලතල හා කර්තව්‍යයන්ට අදාලව මෙලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා බව එම කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
එම සිද්ධියට අදාළව යම් ලේඛන පවතින්නේ නම් ඒවාද රැගෙන එන ලෙස එම කාර්යාංශය ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.
ගුණවර්ධන මහතාට මෙම දැනුම් දීම කරනු ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
CID ගිහිං ඇවිදින් පොර ටෝක් එකක් දෙයි "ලෝකයේ ප්‍රථම වතාවට කැබිනට් තීරණයක් පොලිසිය මගින් ප්‍රශ්න කරපු" කියල...
තමන් සුදන කියන පව් කාරයෙක් , කට ඇරියොත් බොරු විදින කට හැකරයෙක් , සුදු ලුනු වංචාව ගැනත් මේ සමගම සෙවිය යුතුයි , මේ රට මේ විපතට ඇද දාන්න හේතුවුන එක යෝදයෙක් මේ
මේ වාචාල බොරු ආචාරියාව හෙට අමුඩයක් ගස්සා රිමාන්ඩ් කරන ආකාරය රූපවාහිනියෙන් සජීවී ලෙස නරඹන්න.
මල පෙරේතයෙක්ගේ චායාරුපයක් !!!
කුඩුවට දාන්නම ඕන පව් කදක් , කට ඇරියොත් බොරු විදිනව
හොඳ වැඩේ සීනි වලින් ගහලා තියනවා නම් මෙයාගෙන් ඒ මුදල් අයකරගෙන දුප්පත් පවුල් වල ළමයින්ට ලැප්ටොප් දෙන්න
අපේ ගමේ බන්දුල ගුණවර්ධනට කියන්නේ කෙල වැක්කෙරෙන දඩි බල්ලගේ නම. එච්චරටම මිනිස්සුන්ට එපා වෙලා