(මනෝප්‍රිය ගුණසේකර)
බනිස් ගෙඩියක තිබූ ඇල්පෙනිත්තක් උඩු තල්ලේ ඇණුනු කාන්තාවකට රුපියල් 10,000ක වන්දියක් ගෙවන ලෙස දිවයිනේ ප්‍රධාන පෙළේ බේකරි නිෂ්පාදන ආයතනයකට නියම කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කොට තිබූ වන්දි මුදල රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (31) නියම කළේය.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් වන්දි මුදල ගෙවීමේ තීන්දුව ඉවත දමා තම ආයතනය නිදහස් කරන්නැයි ඉල්ලමින් එම ආයතන හිමිකරු මනෝජ් ලසන්ත විරාජ් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කොට තිබූ අභියාචනය ඉවත දැමූ මහාධිකරණය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියම කොට තිබූ වන්දි මුදල දස ගුණයකින් වැඩි කොට අගතියට පත් කාන්තාවට ගෙවීමට නියම කළේය.
2011 වසරේ දෙසැම්බර් මස 01වැනිදා මරදාන ප්‍රදේශයේ පිහිටි මෙම බේකරි නිෂ්පාදන ආයතනයක ශාඛාවකට පැමිණි කාන්තාව බනිස් ගෙඩි දෙකක් මිලදී ගෙන ආහාරයට ගනිමින් සිටියදී ඇගේ උඩු තල්ලේ ඇල්පෙනිත්තක් ඇණුනු බව දැක ඒ පිළිබඳව එහි සිටි සේවිකාවට පැමිණිලි කොට ඇති බවත් හෙළි විය. එම සේවිකාවගේ දැන්වීම මත ආයතනයේ හිමිකරුට පැමිණිලි කළ විට බොරු නොකියන ලෙස පවසමින් ඇය ඉන් පිටත් කළ බවත් අනාවරණය වී ඇත. ඇය මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ආයතනයට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.
ජනතාවට ආහාර සපයන හෝටල් සහ බේකරි නිෂ්පාදන ආයතන ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවද ඒවායෙන් සිදුවන වැරදි සුළුකොට තැකිය නොහැකි බව විනිසුරුවරයා පැවසීය.
වන්දි මුදල් ගෙවීමට අදාළ ව්‍යාපාරිකයා විසින් කල් ඉල්ලා සිටීම නිසා එයට අවසර දුන් විනිසුරුවරයා රුපියල් ලක්‍ෂ 500,000 ශරීර ඇපයක් මත ඔහු මුදාහැරීමට නියම කළේය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බනිස් ගෙඩියක ඇල්පෙනෙත්තෙන් බේකරි හිමියාට වැඩ වරදී