IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාර නිලධාරියකුට තර්ජනයක්

(ඉන්දිකා රාමනායක)

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු නියාමකවරයකුගේ‍ මිනුවන්ගොඩ නිවසට කඩා වැදුණු පිරිසක් ඒ මහතාට පහර දී මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ආරක්ෂක හිස් වැසුම් හා ජැකට් පැළඳ පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු නියාමකවරයාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ගිණි අවි එල්ල කර මරණීය තර්ජන සිදුකර ඔහුට පහර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම පුද්ගලයන් මොහුට පහර දෙන අවස්තාවේදී ‘‘රටේ කුඩු නවත්තන්න බැරි එකේ බන්ධනාගාරය තුළ හෙරොයින් නැවැත්වීමට උඹ මොන මිනිහෙක්ද උඹගෙ පාඩුවේ වෙන දෙයක් බලාගෙන රස්සාව කර ගනින්” යනු වෙන් ප්‍රකාශකර ඔහුට තර්ජනය කර ඇත බවට. ඒ මහතා කළ පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තා වේ.

නිවසට ඇතුළු වූ මෙම නාදුනන පුද්ගලයන් එම නිළධාරියාගේ මවට ද පහරදී තම සහෝදරියගේ ඡංගම දුරකථනය ද පොලොවේ ගසා ඒ අයට ද තර්ජනය කර එම නිළධාරියාව දන ගස්සවා මාංචු දමා ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන පලාගොස් ඇත බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සිද්ධියට මුහුණ දුන් බන්ධනාගාර නියාමකවරයා  මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් පැම්ණිලි කර දැනට රෝහල් ගත වී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මූලික විමර්ශණයක් නව මැගසින් බන්ධනාගාරය විසින් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරස් ඒකනායක මහතා පැවසීය.

 



අදහස් (1)

බන්ධනාගාර නිලධාරියකුට තර්ජනයක්

Bunny Preena Monday, 15 May 2023 09:59 AM

ළොකු ලොක්කන්ගෙ ආශිර්වාදය නොමදව ලැබෙන නොමදව ලැබෙන හොඳ දන කුවෙරයෙකුගෙ වැඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site