IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බන්ධනාගාරයට ෆයිසර් එන්නතේ සිව්වන මාත්‍රාව

(ඉන්දිකා රාමනායක )

බන්ධනාගාර නිළධාරීන්ට හා බන්ධනාගාරගත රැදවියන්ට කොවිඩ් මර්දන එන්නතේ සිවුවන මාත්‍රාව ලබාදිම ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රට තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බැවින් බන්ධනාගාර තුළ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවුරුදු 60 ට වැඩි රැඳවියන්ට සහ මෙතෙක් කිසිඳු මාත්‍රාවක් ලබාගෙන නොමැති රැඳවියන්ටත්, තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති බන්ධනාගාර නිලධාරීන්ටත් එලෙස කොරෝනා මර්දන එන්නතේ සිවුවන මාත්‍රාව ලබාදීම සිදු කෙරෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්  චන්දන ඒකනායක මහතා පවසයි.

මේ අනුව  දිවයිනේ පිහිටි සියලු බන්ධනාගාරවල සේවයේ නියුතු නිළධාරීන්ට හා එහි රඳවා සිටින රැඳවියන් 18518 දෙනකුට  සිව්වන මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම බන්ධනාගාර ආයතන 30 කදී සිදු කරන බවද හෙතෙම කීය.

එහි ආරම්භය ලෙස  බන්ධනාගාර මූලස්ථානය, වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ්, යන බන්ධනාගාර වල රඳවා සිටින රැඳවියන්ට හා ඒවායෙහි සේවයේ නියුතු නිලධාරීන්ට සිව්වන මාත්රාරව එන්නත්කරණය ඊයේ  සිදුකළ බවද ඉදිරියේ  සෙසු බන්ධනාගාරවල මෙම ලබා දෙන බවද  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.



අදහස් (0)

බන්ධනාගාරයට ෆයිසර් එන්නතේ සිව්වන මාත්‍රාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site