IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතුයි’

(නිමල කොඩිතුවක්කු)

වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම කෝටි ගණන් මුදල් උපයමින් බදු පැහැර හරින පුද්ගලයන්ගෙන් නිවැරදිව බදු අය කර ගැනීමත් දූෂිත ක්‍රමවේද යටතේ රජයට හිතැති සමාගම්වලට ලබා දුන් අනවශ්‍ය බදු සහන ඉවත් කිරීම කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
වඩාත්  විනිවිදභාවයකින් බදු අයකිරීම ඩිජිටල්කරණයට ලක් කරනවාට ඇතැම් පිරිස් විරුද්ධ බවත්  යම් හෙයකින් ඩිජිටල්කරණයක් සිදු කළ හොත් දූෂණය අඩුවන බවත් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ දඹදෙණිය නුන්ගමුව දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුව තුන්වැනි වතාවටත් විදුලිබිල වැඩි කර විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩි කිරීම පහත් ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (1)

‘බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතුයි’

Rata Perata Thursday, 02 November 2023 04:48 PM

ඔයත් අපි වගේ තමයි... කරන්න ඕන දේ කිය කියා ඉන්නවා. අපි නම් කිය කිය ඉන්නේ අපිට බලයක් නැති නිසා. රටේ 4 වැනි පුරවැසියා හැටියට ඔයාට මොනවත් කරන්න දෙයක් නැතිනම් ඕක කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site