
(රෝෂන් තුෂාර)
කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා අද(29) නියෝග කළේය.
බදු නොගෙවා පහර හරින ලදැයි දේශීය ආදායම් කොමසාරිස්වරයා කඩුවෙල කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමට එරෙහිව පවරන ලද නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ රජයට ගෙවීමට ඇති බදු ප්‍රමාණයට සමාන ඇප මත මුදා හරින ලද්දේ ඩබ්ලිව්. රොෂාන් නමැති ඝනකාධිකාරීවරයාය.
2012 හා 2015 අතර කාලය තුළදී ආදායම් බදු ,වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැර හැරීමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
සමාගම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ බදු ගෙවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විත්තිකාර සමාගම රීට් පෙත්සමක් ගොනු කර ඇති බවය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්