IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘බදු ගැනීමේදී දුප්පතා ආරක්ෂා විය යුතුයි‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

අයවැය පරතරය සහ රාජ්‍ය ණය අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති රාජ්‍ය අදායම් වැඩි කරගැනීම මත පදනම්ව ක්‍රියාත්මක විය යුතුයිත ඒ සඳහා රජය ක්‍රියාත්මක කරමින් සිටින බදු ප්‍රතිසංස්කරණ දිගටම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය.

නමුත් එසේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දුප්පත් ජනතාව ආරක්ෂා වන පරිදි සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් විය යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් වසර 4 ක කාලයක් තුළ ලබා දීම සඳහා ඊයේ(20) පැවති විධායක කමිටු රැස්වීමේදී අනුමැතිය හිමි වීමත් සමඟ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවැසුවාය.

අයවැය පරතරය සාර්ථකව අවම කර ගැනීමට ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ජෝර්ජීවා මහත්මිය සඳහන් කර ඇත.

දූෂණයට එරෙහි නීති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව දූෂණය මැඩලීමේ අඛණ්ඩ උත්සාහයන් දිගටම පවත්වාගෙනයා යුතු බවත් වඩාත් පුළුල් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය යුතු බවත් ජෝර්ජීවා මහත්මිය පවසා තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කරමින් සිටින ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී සහ පාලන රාමුව පිළිබඳ ඇස්තමේන්තුව මාර්ගෝපදේශය සැපයිය යුතු බව ජෝර්ජීවා මහත්මිය පෙන්වා දී ඇත.

සංවර්ධන හවුල්කරුවන්ගේ තාක්ෂණික සහාය ලබා ගනිමින් ආර්ථික වර්ධන වේගය කඩිනම් කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වේගවත් කළ යුතු බව ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර තිබේ.

ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වූ බැංකු පද්ධතියක් පවත්වා ගැනීම වැදගත් බවත් ආර්ථිකයේ අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා බැංකු ප්‍රාග්ධනීකරණය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවත් ජෝර්ජීවා මහත්මිය පෙන්වා දී ඇත.

වෙළඳපොළ විශ්වාසය නැවත ඇති වීමත් සමඟ බලධාරීන් මෑතකදී හඳුන්වා දුන් නම්‍යශීලි විනිමය අනුපාත මෙරට නිල සංචිත නැවත ගොඩනැගීමට උපකාරී වනු ඇති බවත් උද්ධමනය අවම කිරීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිය යුතු බවත් ජෝර්ජීවා මහත්මිය සඳහන් කර තිබේ.

 



අදහස් (3)

‘‘බදු ගැනීමේදී දුප්පතා ආරක්ෂා විය යුතුයි‘‘

Lalla Tuesday, 21 March 2023 11:07 AM

දුප්පත් අය.. වැඩ කරන ජනතාව..හෙද ගුරු වගේ වෘත්තිකයෝ. පෞද්ගලික අංශයේ සාමාන්‍ය සේවකයෝ. පින් පඩිගන්න අය...බොහෝ රාජ්‍ය සේවකයන්.කම්කරු මට්ටමේ. සමෘද්ධිය වගේ දේශපාලන යාන්ත්‍රණ.....මේව නතර කරන්න ඕන....

:       0       12

de silva Tuesday, 21 March 2023 01:53 PM

ඔය ඔක්කොටම කලින් අදයම් බඩු දෙපාර්තමෙන්තුවෙ සහ රෙගුවෙ වන්ද දූශන ගැන හොයල බලන්න , එව හරියට ක්‍රියත්මක වුනා නම් මෙ රට බංකොලොත් වෙන්නෙ නැහැ.

:       0       2

බද්රානි Tuesday, 21 March 2023 03:03 PM

ගරු, ක්‍රිස්ටලීනා මැතිණියනී, ලංකාවේ තියෙන්නේ හොර තක්කඩි දේශපාලන කල්ලි වාදයක්. මේ රටේ රැකියාවක් කරලා හම්බ කරගන්නවාට වඩා, ගේමක් ගහලා මඩිය තර කර ගන්න එක තමයි කෙරුවාව. දැන් ඔය පහුගිය කාලේ බංගලාදේශයෙනුත් ණයට ගත්තා ඒ මුදල් වලට මොකද උනේ? ඉන්දියාවෙන් හා චීනෙන් ලැබුණු ක්‍රෙඩිට් ලයින් එක නම් කාලම ඉවර කරලා දාල ඇති මේ වෙද්දී. දැන් ඔය අරමුදලෙන් ලැබෙන මුදල් අනාගත ආයෝජන වෙනුවෙන් වැය කරනවා කියලා එහෙම කොතැනක හරි තියනවද? එහෙම ව්‍යාපෘති ගැන අපිට නම් අහන්න ලැබිලා නැහැ. සමහරවිට, හොර තක්කඩියන්ට වාහන ගෙන්වීම වැනි දේවල් නම් දැනටමත් සැලසුම් කරලා ඇති.. මේ රටේ අමන පාලකයින් රටේ ජනතාව හිඟන්නන් බවට පත් කොට, ඔවුන් පමණක් වැජබීම තමයි එකම පරමාර්ථය. ඔබලාත් මේ හොර තක්කඩි අමනයින්ට වක්‍රාකාරයෙන් උදව් කරනවා. ලංකාවේ ජනතාව මහමගට ඇද දමන්නට.. මේ හොරුන්ට දෙන ආධාර වෙනුවට ඔබලා මෙරටට පැමිණ නිසි ආයෝජන ව්‍යාපෘති නොකරන්නේ මන්ද? MCC වැනි රටට හිතකර පිනට මුදල් ලබාදෙන ව්‍යාපෘති පාලකයින් විසින් නිෂ්ප්‍රභා කලේ ඇයි?? සරල පිළිතුර ඒ තුලින් පාලකයින්ට හොරාකෑමට අවස්තාව නොලැබෙන නිසා.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site