IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බදු නොගෙවූ තාබුගල - හංසමාලි විමර්ශනවල ප්‍රගතිය ඉල්ලයි

(රෝෂන් තුෂාර)

උපයාගත් ආකාරයේ හෙළිකළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් සතු යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල මහතා හා කෙටි කලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන පියුමි හංසමාලි ගෝමස් නිරූපණ ශිල්පිනිය රජයට ආදායම් බදු නොගෙවා පැහැර හැරිම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා දේශීය ආදායම් කොමසාරිස්වරයාට අද (11) නිකුත් කළේය.

තාබුගල සහ හංසමාලී යන පුද්ගලයන් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් චූදිතයන් දෙදෙනාට එරෙහිව පැවරු නඩු දෙක කැඳවීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

මෙම නඩු දෙක කැඳවූ අවස්ථාවේදී දේශය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විමර්ශන ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කියා සිටියේ දේශීය ආදායම් පනතේ 122(2)ආ වගන්තිය සමග කියැවෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 සහ 125 වගන්තිය ප්‍රකාරව චූදිතීන්ගේ පදිංචි ස්ථාන සෝදිසි කිරීමට හා දේපළ තහනමට ගැනීමට අධිකරණය නිකුත් කළ සෝදිසි වරෙන්තු ව ප්‍රකාරව තාඹුගල පදිංචි තලවතුගොඩ නිවසට ගියද ඔහු එම පදිංචි ස්ථානය හැරගොස් ඇති බවට තොරතුරු ඉදිරිපත් වන බවය.

පියුමි හංසමාලී පදිංචි කොළඹ 07 නිවසට ගියද ඇය කිසිදු ව්‍යාපාරික ලේඛනයක් එම පදිංචි ස්ථානයේ තබාගෙන නොමැති බව සඳහන් කළේය.

එසේ හෙයින් තවදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවද ඊට අවසරය ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (2)

බදු නොගෙවූ තාබුගල - හංසමාලි විමර්ශනවල ප්‍රගතිය ඉල්ලයි

susantha Monday, 11 November 2024 09:00 PM

කොහේ පෙන්නන්නද ලියවිලි, ඔය ඔක්කොම වගේ කරන්නේ රාජපක්ෂලා වගේ හොර, තක්කඩින්ගේ නැතිනම් ඩුබායිවල හැංගිලා ඉන්න කුඩු ලොක්කන්ගේ කළු සල්ලි සුදු කිරිල්ල..

:       0       0

Perera Monday, 11 November 2024 10:11 PM

හංසමාලිගේ වත්කම් තියෙන්නේ කොහේද කියලා ගනුදෙණු කරපු අය දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site