(සුජිත් හේවාජුලිගේ)
බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
ඇත්තටම ඊට වඩා නරකද? ඇමෙරිකාවට හරි, එංගලන්තයට හරි, යුරෝපයේ හොඳ රටකට ගාණක් කතා කරගෙන මේක විකුණලාම දැම්මා නම්... මගේ නම් කිසිම අකැමැත්තක් නැහැ අවංකවම... බුද්ධ ධර්මයේ හැටියට අපේ කියලා කිසිම දෙයක් නැතිනම්, හැමෝටම හැමදේම සිද්ද වෙන්නේ පින පව අනුව නම්... ඇයි අපි අපේ කියලා මේ රටක්, ජාතියක් බදාගෙන ඉන්නේ...?
බදු ඩොලර්වලින් ගෙවන්න බැහැ ලංකාවේ ඇතුළත ආදායමක් ගන්න කිසිම කෙනෙකුට... ලංකාවේ ඇතුළත ඩොලර් නිෂ්පාදනයක් කරන්න බැහැ...
මේක නම් කදිමයි...!!!
එහෙනං ඩොලර් ලංකාවේ අච්චු ගහමූ .
ලංකාවේ ඇතුලේ ඩොලර් නැත්නම් කොහෙන් දෙනන්ද ?
දේශපාලුවන්ට නම් අවුලක් නැතුවා. පිටරට ගිණුම් වල සල්ලි හංගලා තියෙන නිසා හොඳයි...
බදුමුදල ඩොලර්වලින් ගෙවන උදවියට වාහන ගෙන්වන්න අවසර දීමෙන් රටට ඩොලර් ලැබෙනවා. ඒ වගේම රජයට ආදායම් බදු ගෙවන උදවියටත් යම් සීමාවන්ට යටත්ව වාහනයක් ගන්න දෙනවා නම් හොඳයි...
ඔයිට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා. බක්කි කරත්ත 225ක් හදලා අර දියවන්නාවේ ඉන්න ටික කරත්ත බැඳලා අපේ රටේ ජනතාවට ඩොලර් නැතිව, පෙට්‍රල් නැතිව ගමන් යන්න පුළුවන් රටට බරක් නෑ..
කොහොමද ටිකිරි මොලේ ,වාහනයක් නම් හීනයක් තමා ආයෙත්
කළු සල්ලි කාරයන්ට කදිම අවස්ථාවක්
එහෙනම් මහ බැංකුවෙන් ඩොලරුත් අච්චු ගහනවද ?මේක දාන්න ඕනේ දෙයියෝ සාක්කි එකට
රුපියල් වලින් බදු ගෙවන්නෙත් අමාරුවෙන් ,ඩොලර් වලින් ගෙවපල්ලකෝ දැන් .69 බයියෝන්ටම ඔප්පු වෙච්චාවේ
රටේ කඩාවැටිමට වගකිවයුත්තන් දියවන්නාවේ 225 නම්, නීත්‍යානුකූලව ඔවුන්ගේ දේපළ සහ බැංකු සියල්ලම අත්හිටුවා ඒ වත්කම්වලින් රටේ සියලුම ණය ගෙවා දැමිය යුතුයි.
හැම දෙයකම වාසි දැන් වෙන්නේ කළු සල්ලි කාරයන්ට
මේ ගොල්ල නිකන් කයිවාරුගහනව් විතරයි. එක ගොබිලෙකුටවත් බැරි උනා පිටරට රස්සාවල් කරලා ලංකාවට ඩොලර් එවන මිනිසුන්ට සාධාරණයක් කරන්න. අවුරුද්දකට ඩොලර් 1500ක බදු සහනයක් දෙනවා(අවුරුදු 20ක් තිස්සේ). අවුරුද්දක් පිටරටක රස්සාවක් කරන මිනිහෙක් හම්බ කරන්නේ ඩොලර් 1500ද. මේ වාහන බදු සහනය ගන්න නියමම හිමිකම තියෙන්නේ පිටරට රස්සා කරන අයට. අපි හම්බ කරලා එවන ඩොලර් මේකෙ ඉන්න කාපාලුවෝ වියදම් කරලා වාහන ගෙන්වනවා. අඩුම ගානේ සාධාරණව හිතලා අපි පිටරටින් එවන ඩොලර් ප්‍රමාණය හා සමාන බදු නිදහසක් අපි පිටරටින් ගෙන්වන ඕනැම භාණ්ඩයකට දියයුතුයි. ඒ භාණ්ඩ මිලට ගන්න අපි ලංකාවෙන් ඩොලර් පිට කරන්නේ නැහැනේ, මන්ත්‍රී නිළධාරි දොස්තරලා වගේ.
එතකොට රට තුළට වාහන ගෙන්වන්නේ රුපියල් වලින්ද? වාහන ගෙවන්න පිටරටට දෙන ඩොලර් උපයන්නේ කව්ද? වාහන සම්බන්ධව කෙරෙන සියලුම ගනුදෙණු ඩොලර් වලින්ම කරන්න කියලා වාහන ගැනුම්කරුට කියන්න. රටට අත්‍යාවශ්‍ය දේ ගෙන්වන්න තිබෙන ඩොලර් ටික කාගේවත් පෞද්ගලික සුඛ විහරණයට වාහන ගෙවන්න දෙන්න එපා. එසේ වුණොත් අපේ ළමයි මෙහේ සිට උපයන ඩොලර් වෙන රටවල තැන්පත් කරන්න සිදුවෙනවා...
කෝ අර ඇමෙරිකාව කියද්දි යටි ගිරියෙන් කෑ ගහලා... බෙරිහන් දීලා... තණකොළ උලා කන්න හදන ඇමති තුමා... අම්මෝ මොනවා වුණත් තව ටික දවසකින් සිල්ලර කඩෙන් සීනි.., තේකොළ ටික ගන්නත් ඩොලර්වලින් ගෙවන්න කියයිද දන්නේ නෑ..
හොඳින් මතක තියාගන්න මෙයා මේ කියන්නේ රාජපක්ෂලාගේ මතය බව වෙන රටකට කොහේ හරි යන්න කාලේ හරි වගේ...
ආයේ ඩොලර් වාහන බදු කියලා වෙනම එන්නේ නැහැ. වෙනදා රුපියල්වලට හරවන ඩොලර්මයි වාහනබදුවලට ගෙවන්නේ. මේවා මොන ලොජික්ද දන්නෑ. දැන් වාහන සේල්කාරයින් මැදපෙරදිග යයි. ඒ මිනිස්සුන්ගේ සල්ලිවලට ලංකාවේදී වැඩිපුර රුපියල් ගෙවන්නට කියලා විදේශ මුදල් එකතුකරන්.. එතකොට අපිට හරි ලාබයිනේ... ඕන් අපේ ආර්ථික විද්‍යාව... යංකෝ.. යංකෝ.
ශ්‍රීලංකාව ඇතුලට ඕනෑම මුදලක් ගෙවීමට වලංගුයි කියලා රුපියල් කොළ වල ගහලා තියෙනවා නේද කබ්රාල් මහත්තයෝ ?
ඇත්තටම විය යුත්තේ වාහනය සඳහා ගෙවන්නේ ඩොලර් නිසා මිලදී ගන්න පුද්ගලයා වාහනයේ මිල ඩොලර්වලින් ගෙවා බදු මුදල රුපියල්වලින් ගෙවීමයි...