IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බදුල්ල - අඹේවෙල අතර දුම්රිය ගමන් අරඹයි

(ප්‍රසාද් රුක්මල් )

දිට්වා සුලි කුණාටුවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවු ආපදාවන් වලින් අනතුරුව ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල අඹේවෙල අතර දුම්රිය ධාවනය දින 22කට පසුව අද (20) ආරම්භ වනබව දුම්රිය පාලක මැදිරිය පවසයි .

මේඅනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.00ට අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කර එම දුම්රිය පෙරවරු 11.46 ට අඹේවෙල දුම්රිය ස්ථානය ට ලගාවීමට නියමිත අතර, පස්වරු 3.00ට බදුල්ලෙන් පිටත්වන අංක 1006 දරන පොඩිමැණිකේ දුම්රිය පස්වරු 5.46 ට අබේවෙල දුම්රිය ස්ථානය ට ලගාවෙන බවත්, අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.30ට ගමන් ආරම්භ කරන අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රිය දහවල් 1216ට බදුල්ල දුම්රිය ස්ථානයට ලගාවීමට නියමිතව ඇති අතර , අබේවෙල සිට පස්වරු 3.00ට ගමන් ආරම්භ කරන අංක 1015 දරන උඩරටමැණිකේ දුම්රිය පස්වරු 5.46 ට බදුල්ල දුම්රිය ස්ථානයට ලගාවීමට නියමිතව ඇතයි දුම්රිය බළධාරින් පැවසූහ .

දේශිය විදේශීය සංචාරකයන් ගේ මෙන්ම දුම්රිය මගීන්ගේ පහසුව තකා මෙම දුම්රිය මෙසේ බදුල්ල අබේවෙල අතර ධාවනය කරන බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .

 



අදහස් (0)

බදුල්ල - අඹේවෙල අතර දුම්රිය ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 93 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 143 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site