IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බදුල්ලේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුට තවත් රාජකාරියක්

 

(යොහාන් භාසුර)

බදුල්ල මහ නගර සභාවේ ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තනතුර අවභාවිත කරමින් වෙළදසැල් සහ ආපනශාලා හිමියන්ට රක්ෂණ ඔප්පු ලබාගැනීමට බලපෑම් කරන බවට නිර්ණාමික ලිඛිත පැමිණිල්ලක් ලැබුණු බව බදුල්ල නාගරික කොමසාරිස් ජගත් ප්‍රියශාන් මහතා පැවසීය.

එම පැමිණිල්ල මත පරීක්‍ෂණයක් ආරම්භ කරන බව කී ජගත් ප්‍රියශාන් මහතා එම චෝදනාව එල්ල වී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වන විටත් වෙළෙඳසැල් නොමැති කොට්ඨාසයකට මාරු කර ඇති බව ද සඳහන් කළේය.

බදුල්ල මහ නගර සභාවට දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රාදේශීය සභාවක සිට මෑතකදී ස්ථාන මාරු ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු රක්ෂණ සමාගමක උප නියෝජිතයකු ලෙස කටයුතු කරමින් මෙම බලපෑම් කරන බවත් ඒ සදහා තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කිහිප දෙනකු සහයෝගය දක්වන බවත් ජනතාව පවසති.

ආපනශාලා, වෙළදසැල්වල පරීක්ෂා කිරීම් මෙන්ම ඩෙංගු මර්ධන ක්‍රියාවලිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන අතර එසේ රාජකාරී කරන ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන වෙළදසැල් සහ ආපනශාලාවලට අඩුපාඩු වසා දැමීමට නම් එම ස්ථානවල රක්ෂණාවරණය ඔවුන් නියෝජිත තනතුර දරණ රක්ෂණ සමාගමකට මාරු කරන්නැයි බලපෑම් කරන බව ද වැඩි දුරටත් චෝදනා එල්ල වේ.

 



අදහස් (0)

බදුල්ලේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුට තවත් රාජකාරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site