IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බදුල්ල පළාත් මහ රෝහලේ කැන්ටිම අඩු ලංසුවට දීලා

(යොහාන් භාසුර)

බදුල්ල පළාත් මහ රෝහලේ පාලනාධිකාරිය එම රෝහලේ ආපනශාලාව වසරකට රුපියල් ලක්ෂ 50කට ආසන්න අලාභයක් වන ලෙස අඩු ගෙවීම ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට ලබාදී ඇතැයි එම රෝහලේ සේවකයෝ පවසති.

එම රෝහලේ ප්‍රධානියෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු එකතුව පසුගිය ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙම ආපනශාලාව ටෙන්ඩර්ය පසුගිය වසරේ අග ප්‍රදානය කර ඇති බව ද සඳහන් වේ.

මෙම ආපනශාලාව පවත්වාගෙන යෑමට මසකට රුපියල් ලක්‍ෂ 8 ක ගාස්තුවක් ඉදිරිපත් කර තිබියදී ලක්‍ෂ 4 ක් ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට ආපනශාලාව දී ඇති බව කියන සේවකයෝ එම රෝහලේ පාලනාධිකාරියේ ප්‍රධානියෙක් එම ටෙන්ඩරය වැඩි ලංසුවක් ඉදිරිපත් කළ පාර්ශවයට නොදී  අඩු ලංසුවක් ඉදිරිපත් කළ පාර්ශවයට දී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසිදු අඩුපාඩුවක් හෝ නොමැති තත්වයක් තුළ බව ද සදඟන් කරති.

එම ටෙන්ඩර්කරු සහනදායී නොවන මිල ගණන්වලට අහාර අලෙවි කිරීම, සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමින් ආහාර පාන අළෙවි කිරීම  සිදුකරන බවට රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බව ද පැවසේ.



අදහස් (2)

බදුල්ල පළාත් මහ රෝහලේ කැන්ටිම අඩු ලංසුවට දීලා

Chandanie Friday, 31 March 2023 04:05 AM

සාමාන්‍යයෙන් රජයේ ආයතන වල ටෙන්ඩර් දෙනවිට එම ආයතනයේ නිළධාරින් හා සේවකයින් සදහා ඉතාමත් අඩුමිලට පහසුකම් සලසන්න ඕන සුබ සාධක සංගමයේ නිළධාරින් සදහා නොමිලයේ දෙන්න ඕන රෝගීන් සදහාත් ඔවුන්ගේ නෑයින් හිතවතුන් තමයි අසාධාරණ ගාස්තු ගන්න පුළුවන් වෙන්නෙ එනිසා පාවිච්චියට ගන්න විදුලිය ජලය හා ගොඩනැගිලි කුලිය ප්‍රමාණවත් මුදලක් ගන්න සුබ සාධක සංගමයේ කට්ටියම හිතන්න ඇති එහෙම නැත්නම් රෝහල් අධ්‍යක්ෂ හිතවත් කෙනෙක් ලවා කැන්ටිම කරනවා ඇති

:       0       0

de silva Friday, 31 March 2023 07:27 AM

ආණ්ඩුවේ අනික් සමාගම්වන, ශ්‍රී ලන්කන් ඛනිජ තෙල් වැනි ආයතනවල ප්‍රධානින්ට සැලකූ ආකාරයටම මේ රෝහල් බලාගාරයත් නිදහස් කරාවි. ඉන්පසුවත් මෙවැනි වැරැදි ඔවුන් දිගින් දිගටම කරාවි. අන්තිමට අපි සියලු දෙනාටම වෙන්නේ මේ රටේ ජීවත් වෙන්න බැහැ කියලා බෝට්ටුවකට නැගලා ඉන්දියාවට හෝ යන්න. මිනිස්සු උද්ඝෝෂණ කළ යුත්තේ මෙවැනි දූෂිත නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්න කියලා. රටට අවශ්‍ය වන සිස්ටම් චේන්ජ් එක මේක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site