(සමන් පාලිත නානායක්කාර)
ධාරානිපාත වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල ප්‍රදේශයට ගල් පර්වත සමග පස්කන්දක් කඩාවැටීමෙන් ගමනා ගමනය එක් මංතීරුවකට සීමා වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
එක්වරම මාර්ගය මතට පස් කන්දක් කඩා වැටී ඇති අතර කුඩා වාහන පමණක් යා හැකි වන පරිදි මඟ යන එන්නන් සකස් කර ගත් බවද රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පැවසූහ.
මාර්ගය පිළිසකර කරන තෙක් ලොකු වාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මෙම පස් කඳු සමඟ ගල් පර්වත නාය ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ල - කොළඹ මාර්ගයට අදත් පස් කන්දක් වැටේ