
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් අද (16) දහවල් දෙමෝදර දුම්රිය ස්ථානය අසල දී පිලීපැනිමට ලක් වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (16)පෙරවරු 11.30 ට පමණ මහනුවර බලා ගමන් ආරම්භ කළ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයට ලගා වෙමින් තිබියදී මෙසේ පිළීපැනිමට ලක් වූ බවත් , දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් පිලීපැනිමට ලක් විනැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
පිලිපැනීමට ලක්ව ඇති භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියේ පිලීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ආපදා ඒකකයේ නිලධාරීන් පැමිණීම ට නියමිත බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ල- කොළඹ දුම්රිය ධාවනයට බාධා