IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බදුල්ල කලුගහදුර මාර්ගයේ නාය යාමක්

( නිශාන්ත කුමාර)

බදුල්ල කලුගහකදුර ප්‍රධාන මාර්ගයේ කළුගහකදුර    මොරලන්ද මංසන්ධිය අසල අද (14) උදෑසන  සිදුවූ නාය යෑමක් හේතුවෙන් මාර්ගයේ මීටර් 40  ක පමණ කොටසක් මුළුමනින්ම අවහිර වී ඇත.

මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනා ගමනා ගමන කටයුතු ද මුළු මුළුමනින්ම  ඇනහිට ඇත.

අද අලුයම  5.30 ට පමණ  මෙම නාය යෑම සිදු වී තිබේ.

දින දෙකක පමණ කාලයක් තිස්සේ   ප්‍රදේශයට ඇද හැලෙන මහ වැසි සමඟ මෙම පස් කන්ද කඩා වැටී ඇති අතර මාර්ගය වෙත කඩා වැටුණු පස් සහ ගල් කණු හේතුවෙන් ප්‍රධාන මාර්ගයට අමතරව කළුගහකදුර බීරගහඅරාව අතුරුමාර්ගයද අවහිරවී ඇත.

 මාර්ගයේ සිට අඩි පන්සියයක් පමණ උසකින් යුතු මොරලන්ද කදුවැටියේ   අඩි    60  ක පමණ ඉහළ සිට    අඩි 40 ක පමණ පළලින් යුතු කොටසක් මෙලෙස නාය යාමට ලක්ව ඇත.

  නාය යාමත්  සමග ගැලවී ගිය විශාල ගල්කුට්ටි රැසක්ද මාර්ගයට වැටී ඇති අතර  අද (14)     උදෑසන 9 .00  පමන  වන විටත් වරින් වර එම ස්ථානයේ පස් කඳු පහළට කඩා වැටෙමින් පැවතිණි.

 නායයෑම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර එම ස්ථානයේම  පිහිටි වෙළඳසැලකටද කිසිදු හානියක් නොවී බේරී ඇත.

කෙසේ වෙතත් අද (14) පෙරවරු 10.40 පමණ වන විටත් මාර්ගයේ අවහිරතාව ඉවත්කර නොතිබූ අතර පිටමාරුව, කලුගහකදුර ඇතුලු ගම්මාන රැසක ප්‍රවාහන සේවාවන්ද මුලුමනින්ම ඇන හිට තිබිණී ‘

 

්‍

 

 

 



අදහස් (0)

බදුල්ල කලුගහදුර මාර්ගයේ නාය යාමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site