
(තිස්ස කොටින්කඩුව)
බුදු දහමට අගෞරව අන්මට සකසා විදේශීය රටකින් මෙරටට ආනයනය කරණ ලද බුදුරුව කෙටු කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර 20 ක් අද දහවල ජාඇල නගරයේ ප්‍රධාන තැපල් කන්තෝරුව ඉදිරිපිටදී සැක කරුවකු සමග අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
බුදු දහමට අගෞරව අන්දමින් සකසා රිදී වර්ණ ගන්වා තිබු මෙම කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර ගැනුම් කරුවකුට අළෙවි කිරීමේ බලා පොරොත්තුවෙන් අදාල ස්ථානයේ රැදී සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි වියේ පසුවන තැපැල් පෙටිටිය පාර, නැදගම,කොටුගොඩ යන ලිපිනයේ පදිංචි අයෙකු බව පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුදුරුව කෙටු හිස බාන යන්ත්‍ර 20ක් අල්ලයි
Sarath Wednesday, 27 March 2024 01:35 AM
අම්මෝ මෙන්න බුද්ධාගම අනතුරේ ....... බේරගන්න නැමොල කුමාරය වරෝ .......
Pradeep Wednesday, 27 March 2024 07:33 AM
මේ භාණ්ඩ මෙරටට පැමිණ ඇත්තේ රේගුව හරහායි.එසේ නම් ඒ ආයතනවල අය මුලින්ම රාජකාරි පැහැර හැර ඇති බව පැහැදිලියි .ඊට අමතරව ඔය බුදුරුව සටහන්ව තිබූ පමණින් බුදුදහමට හෝ එහි හරයන්ට කිසිම හානියක් වන්නේ නැති බව මෙරට සිටින කුලප්පු වෙන බෞද්ධයන් අවබෝධ කර ගත යුතුයි.ඔය සියළුම භාණ්ඩ නිපදවන්නේ අදටත් බුදු දහම ප්‍රචලිතව ඇති රටක් වන චීනයේ වන අතර එහි ඇති මහායාන සම්ප්‍රදායන් අනුව එහි වරදක් නැත.ලංකාවෙ බුදු රුව හා එම දහම විකුණමින් ජාවාරම් කරන භික්ෂූන් හා අනෙකුත් අය කරන අපරාධ තරම් මෙය වරදක් නොවේ...
Perera Wednesday, 27 March 2024 07:51 AM
ආයිමත් රට ජාතිය ආගම බේරා ගන්න අවසාන අවස්ථාවක් එන බවක් නම් පෙනෙන්නට තිබේ.
මැටිමෝලා Wednesday, 27 March 2024 08:06 AM
කෝ අර පූර්ණ කස්සප පරම්පරාවේ අකිරීයවාදීන් ටික? මුකුත් කියන්න, නැත්නම් උගත්කම පෙන්නන්න බැරි වෙයි.
Kumara Wednesday, 27 March 2024 08:51 AM
මේක නිශ්පාදනය කරලා තියෙන්නෙ වෙන රටක. මොකක්ද මේකෙන් බුදු දහමට වෙන අගෞරවය.
achini Wednesday, 27 March 2024 09:12 AM
එතකොට කැළණියෙන් බුදු දහමට කරපු අපහාසයට ?
ආලෝක Wednesday, 27 March 2024 09:52 AM
පූජා සත්කාර කළ යුතු, නමස්කාර කළ යුතු ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය සියලු භාණ්ඩවල තිබුණහොත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ වටිනාකම මිනිසුන් විසින් පහත් කර සලකන්නට පටන්ගනී. තවත් දීර්ඝ කාලයක් ගොස් මිනිසුන් එයට පුරුදුවූ විට සියල්ල දන්නා බුදුවරයෙක් පහත් කොට සැලකීමෙන් මනසින් පාප කර්ම රැස් කරගෙන මිනිසුන් අපායේ උපදිති. සත්‍ය වශයෙන්ම ගෞරවනීය චේතනාවකින් මෙබඳු භාණ්ඩ පරිහරණය කළ නොහැක. එසේ කළ හැක්කේ බුදුරජාණන් වහන්සේට ගෞරව නොකරන අන්‍යාගමිකයින්ට පමණි.
de silva Wednesday, 27 March 2024 08:37 PM
පොලිසියේ නිලධාරී ධර්ම චක්‍රය නිල ඇඳුමේ ගහගෙන, පගාව ගහන එක මිනිස්සුන්ට අඩම්තේට්ටම් කරන එක බුදුදහමට කරන අගෞරවයක් නොවේද? එහෙම නම් බස්වල, ලොරිවල බුද්ධ රූප ගහගෙන යනඑකත් වැරැදියි නේද? සිවුර ඇඳන් බිස්නස් කරන හාමුදුරුවරුත් බුදුදහමට අගෞරව කරනවා නේද?
කුමාරThursday, 28 March 2024 08:37 AM
ධර්ම චක්‍රයයි, බුද්ධ රූපයයි එක වගේ පේනවා නම් ඇස් පරීක්ෂා කරන්න. නෑ නෑ මොළය පරීක්ෂා කරන්න. ධර්ම චක්‍රය කියන්නේ රෝදය. රෝදය භාවිතා කළේ ධර්මය ඉදිරියට මිනිසුන් අතරට පෙරලී ඉදිරියට යන වග නිරූපණය කරන්න. විද්‍යාව දන්නෙත් නැති, අභව්‍ය කථා කියන ඔයාලා වගේ අය කියන දේවල් එච්චර වැඩක් නෑ. හැමෝටම එක සමානව බුද්ධිය නැහැ.