(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
නිතීවිරෝධී අන්දමින් එළි පෙහෙළි කළ විල්පත්තු ආශ්‍රිත කැලෑ යළි තම පෞද්ගලික වියදමින් වගාකිරීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණයෙන් ලබාදී තිබූ තින්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ගොනුකරනු ලැබ තිබූ අභියාචනය ලබන ජනවාරි මස 19 වැනිදා සළකා බැලිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දින නියම කළේය.
ගාමිණී අමරසේකර, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචනය සලකා බැලිණී.
මෙම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වන අර්ජුන ඔබේසේකර මහතා මෙම සිද්ධියේ අභියාචනාධිකරණ නඩු විභාගය සදහා ද සහභාගී වී ඇති බැවින් මෙම අභියාචනා පෙත්සම සලකා බැලීම සදහා වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරිමට ද නියම විණී.
විල්පත්තු වනය ආශ්‍රිතව නිති විරෝධී අන්දමින් කැළෑ එළිපෙහෙළි කර ගම්මාන ඉදිකරන ලදැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබූ අතර, එහි දී නියෝග නිකුත් වූයේ හිටපු අමාත්‍යවරයාට සිය පෞද්ගලික වියදමින් අදාළ කැළෑ යළි වගා කරන ලෙසටය. එම නියෝගයෙන් අතෘප්තියට පත් හිටපු අමාත්‍යවරයා අදාළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියචනා පෙත්සමක් ගොනු කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
227
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදියුදීන්ගේ පෙත්සම ජනවාරියට කල් යයි