(ෂේන් සෙනෙවිරත්න)
මෙරට ප්‍රධාන පූජනීය ස්ථානයකට අනුයුක්තව සේවය කරනු ලබන යුද හමුදා සොල්දාදුවකු හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මුලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය කියයි.
සැකකාර යුද හමුදා සොල්දාදුවා මහනුවර යුද හමුදා කදවුරක රාජකාරියේ නිරත සොල්දාදුවකු වන අතර ගුඩ් ශෙඩ් බස් නැවතුම අසල දී ඔහු එසේ මත්කුඩු පැකට්ටුවත් සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු වසර 20 කට අධික කාලයක් සක්‍රිය හමුදා සේවයේ නිරත පුද්ගලයකු වන අතර මත්කුඩු පානය සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා යුද හමුදා රාජකාරි ගිනි අවිය භාවිතා කොට මංකොල්ල කෑම්වල යෙදුනේ දැයි සොයා පුළුල් විමර්ශන ආරම්භ කොට තිබේ.
මහනුවර මූලස්ථාන පොලිසිය බාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෞද්ධයාගේ මුදුන් මල්කඩ ආරක්ෂාවට සිටි සෙබළෙක් කුඩු සමග මාට්ටු