
(යොහාන් භාසුර)
බිත්තර වැඩි මිලට අළෙවි කිරීමේ චෝදනාවට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතාට අයත් ගොවිපොළකට ද නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කුරුණැගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක උපරිම සිල්ලර මිලට වැඩියෙන් බිත්තර අළෙවි කරන ස්ථාන වැටලූ බවත් එහිදි හල්මිල්ලෑව, පන්නිපිටිය, අවුලේගම සහ කොබෙයිගනේ ප්‍රදේශවල පිහිටි මහා පරිමාණ බිත්තර ගොවිපොළක් හා කුඩා ගොවිපොළවල් 4 ක් වැඩි මිලට බිත්තර අළෙවි කළේ යැයි තහවුරු වීමෙන් නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් එම නිලධාරියා කීය.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතාට අයත් බිත්තර ගොවිපොළක ද වැඩි මිලට බිත්තර අළෙවි කළ බවට පාරිභෝගික අධිකාරියේ තහවුරු කරගැනීමෙන් පසුව නීතිමය පියවර ගත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිත්තර නිෂ්පාදකයන්ගේ සභාපතිටත් නඩු
Nimal Thursday, 02 March 2023 02:42 PM
ඔය වගේ බැංකු හොරු වත් අල්ලනකෝ
Kelum Thursday, 02 March 2023 05:07 PM
කතා කරන කට්ටිය ඇතුළට දැම්මාම හරි... කතා කරන්න කවුරුවත් නැති නිසා... ප්‍රශ්නත් නැහැ..
fairoos Thursday, 02 March 2023 05:14 PM
මේ කාලකණ්ණි ආණ්ඩුවට පුළුවන් මර්ධනය විතරයි..
ගජමිතුරු Thursday, 02 March 2023 06:56 PM
පුද්ගලික අංශයේ වැඩිමිලට වික්කාම ඇල්ලුවාට රාජ්‍ය අංශයේ ගොවිපළවල වැඩිමිලට විකුණනවා. ඉතින් රජයේ අයටත් කියන මිලට දෙන්න බැරිනම් පුද්ගලික අංශය දෙන්නේ කොහොමද? නුවනැත්තෝ ක්‍රියාත්මක වේවා...!
Lalla Friday, 03 March 2023 08:22 AM
බිත්තර ආනයනය සඳහා පසුබිම සැකසීම කරන්න ගොවිපල මර්දනය.... සියල්ල ආනයනය කරන රටක ජීවත් වන්නට අපි කළ පාපය මොකක්ද? ජනපතිත් මේවාට කැමැතිද?