(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට බිත්තර සැපයීමේ ටෙන්ඩරය ඉන්දීය සැපයුම්කරු දෙදෙනෙක්ට ප්‍රදානය කළ බවත් එහිදී අඩුම මිල ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන් දෙදෙනා තෝරාගත් බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය.
ඉන්දියාව ලෝකයේ ප්‍රධානතම බිත්තර ආනයනකරුවෙක් වීම නිසා ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමේ ගැටලුවත් මතු නොවන බවත් සෞඛ්‍ය අංශයෙන් ඒ සඳහා අවසර ගැනීමට අවශ්‍ය සියලුම ලේඛණ සහ වාර්තා යොමු කරන බවත් අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය අංශයෙන් ඒ සඳහා අවසර නොලැබුණ හොත් ආනයනය සඳහා කළ යුතු ඊළඟ පියවරට යන බව කී අමාත්‍යවරයා මුදල්, වෙළෙඳ සහ කෘෂිකර්ම යන අමාත්‍යංශවල ලේකම්වරු බිත්තර ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද කර බව ද සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.