(ධම්මිකා බාලසූරිය)
බිත්තර අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව පඬුවස්නුවර ප්‍රදේශයේ බිත්තර නිෂ්පාදකයෝ පවසති.
දින ගණනාවක් තිස්සේ නිෂ්පාදනය වන බිත්තර මෙලෙස ගොවිපලවල රදවාගෙන සිටින බව ඔවුහු පැවසූහ.
පවතින ඉන්ධන අර්බුදය නිසාවෙන් බිත්තර ප්‍රවාහනය කර ගැනීමට හැකියාවක් නොමැතිකම මෙම ගැටළවට ප්‍රධාන හේතුව වේ.
බිත්තර ඉක්මනින්ම නරක් වන ආහාරයක් වන අතර දින කිහිපයක් ඇතුලත පරිභෝජනයට ගැනීම සිදු කළ යුතුය.
රටට අවශ්‍ය බිත්තර ප්‍රමාණයෙන් සියයට හැටක් පමණ නිෂ්පාදනය කෙරෙන්නේ පඬුවස්නුවර ප්‍රදේශයේය.
බිත්තර බෙදාහැරීම දිනපතාම කළ යුතු නමුත් අද වනවිට දින කිහිපයකට වතාවක් හෝ බෙදාහැරීම් කර ගැනීමට හැකියාවක් නොමැති බව ගොවිපලහිමියෝ පවසති.
රට පුරා බිත්තර ප්‍රවාහනය කරපු එක වාහනයක්වත් අද වෙනකොට බිත්තර රැගෙන යාම සඳහා ගොවිපල වලට නොපැමිණෙන බව ද ඔවුහු කියති.
නිසි පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම ගොවිපලහිමියන්ට දුෂ්කර කාර්යයක් වී ඇති අතර බිත්තර නිෂ්පාදනය අඩුවී ඇතැයිද ගොවිපලහිමියෝ කීය.
කර්මාන්තය රැක ගැනීමට ගොවිපල පවත්වාගෙන යාම සිදු කළ ද දිනපතාම පාඩු ලැබීමට ඔවුන්ට සිදුව තිබේ.
අද වෙනකොට ප්‍රදේශය තුල බිත්තර නිෂ්පාදන කර්මාන්තයෙන් සියයට හැත්තෑ පහක් ඉවත්ව තිබේ.
රටතුල පවතින ආර්ථික අර්බුද තත්වය හමුවේ කර්මාන්තය ඉදිරියට කරගෙන යාමට තමන්ට කිසිම හැකියාවක් නොවන බව කර්මාන්තකරුවෝ පවසති.
රට බංකොලොත් වී තිබෙන අවස්ථාවේ ආහාර සහ භාණ්ඩ ආනයනය කර ගැනීමට නොහැකිව සිටින මොහොතක දේශීය කර්මාන්තකරැවන් රැක ගැනීමට වැඩපිලිවෙලක් සකස් කිරීමේ වගකීමක් රජය සතු වන බවද ඔවුහු අවධාරණය කරති.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
බිත්තර කර්මාන්තයත් කඩා වැටෙයි