IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


බිත්තර-කුකුළු මස් මිළ ඉහළට

(නිමල කොඩිතුවක්කු)

වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

බිත්තරයක් රුපියල් 38 සිට 40 දක්වා මිලකට අලෙවි වන අතර කුකුලු මස් කිලෝවක් රුපියල් 1150ත් 1200ත් අතර මිලකට අලෙවි වන බව  ඔව්හු සඳහන් කරති.

මේ අතර සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ  ඇසුරුමක්  රුපියල් 460ත් 480ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයෝ  පෙන්වා දෙති.

කුකුලු කෑම මිළ ඉහළ යාම බිත්තර සහ කුකුලු මස් මිළ විශාල වශයෙන් ඉහළ යාමට හේතුවී ඇතැයි නිශ්පාදකයෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේ රුපියල් 65 ට තිබූ කුකු-ලු කෑම  කිලෝවක මිල මේ වනවිට රුපියල් 225 දක්වා  තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව බිත්තරයක නිශ්පාදන මිල රුපියල් 32ත් 33ත් අතර වන බවත්  බිත්තරයක ප්‍රවාහන වියදම රුපියල්  3 ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

බිත්තරයක් රුපියල් 50ක් සහ කුකුලුමස් කිලෝවක් රුපියල් 1500ක් වනු ඇති බවට පැතිර යන කටකතාවල සත්‍යතාවයක් නොමැති බවත් ඔහු තවදුරටත් පැවසීය.



අදහස් (1)

බිත්තර-කුකුළු මස් මිළ ඉහළට

දිමුත් Monday, 30 May 2022 03:21 PM

ඉතින් කුකුළු කෑමවලට විකල්ප හොයන්න...

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 538 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site