(යොහාන් භාසුර)
බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා කළ වැටලීම් අත්හිටුවීමට පියවර ගත් බවත් පාරිභෝගික සේවා කටයුතු අධිකාරියේ උසස් නිළධාරියෙක් පැවසීය.
සුදු බිත්තරයක් රුපියල් 43 ක සහ රතු හෝ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ක උපරිම සිල්ලර මිල නියමකරමින් වෙළඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් එම ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.
ගැසට් නිවේදනයක් මඟින් බිත්තරයක උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර බිත්තරයක් රුපියල් 60ත් 70ත් අතර මිලකට අලෙවි විය.
2025 දෙසැම්බර් මස 18
421
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිත්තරයක උපරිම සිල්ලර මිල පහකින් වැඩි වෙයි
දිමුත් Tuesday, 30 August 2022 01:10 PM
දැන් කාටද ඔය මුදලට බිත්තරයක් ගන්න හැකියාව තියෙන්නේ? අඩුම තරමේ බිත්තරයක මිල රු25 ටවත් ගේන්න...!
APerera Tuesday, 30 August 2022 06:56 PM
රුපියල් පහකින් වැඩිකළා කියලා කිකිළියන්ට නම් දැනගන්න තියන්න එපා. උනුත් ගණන් උස්සයි...