(තිලකරත්න දිසානායක)

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය " X - ban " 2024 ප්‍රදර්ශනය හෙට සිට මෙම 28 වෙනි දින දක්වා පැවැත්වෙන අතර මෙහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවීමට නියමිතය.

විදුහල්පති කසුන් ගුණරත්න මහතාගේ මගපෙන්වීම මත විද්‍යාලයීය සිසුන් සිය කුසලතා ඉදිරිපත් කිරීමට මෙම ප්‍රදර්ශනයේ දී සූදානම් කොට ඇති අතර පෙරවරු 10 ප්‍රදර්ශනය ආරම්භ කෙරෙනු ඇත.

මෙම ප්‍රදර්ශනය සදහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය " දිනපතා ලංකාදීප " ඇතුලු විජය පුවත්පත් සමාගම විසින් ලබාදීම සිදු කෙරේ.

ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කිරීම පිනිස බණ්ඩාරනායක විද්‍යාලයීය ගගන විද්‍යා අංශයේ සිසුන් විසින් නිර්මාණය කොට ඇති දුරස්ථ පාලක සැහැල්ලු ගුවන් යානාවක් විදුහල්පතිවරයා විසින් නිරීක්ෂණය කළ අයුරු ඡායාරූපයෙහි දැක්වේ.