(අංජුල මහික වීරරත්න)
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර සියලුම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු කර ජනතාවට සහන සැලසීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
බොහෝ ආනයනික භාණ්ඩ වලට පනවා ඇති බදු ඉවත් කිරීම හා අඩු කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමු කර ඇතැයි ද ඉදිරි කාලයේ කිස්සේත්ම මිල වැඩිවීම් නැති අතර තිබෙන්නේ මිල අඩු කිරීම් පමණක් යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පාවිච්චි කරන ලද පොල්තෙල් ආනයනය සීමා කිරීම හා දේශීය පොල්තෙල් නිෂ්පාදන වල තත්ත්වය උසස් කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (14)පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.
COMMENTS
ඒ මොකටද ?හොඳට හොරා කාපල්ලා ?
කසකාරයෝ එනවා ,චන්දේ නම් තියයි වගේ මේ පාර
ඕක කුස්සිය මුල්ලේ තියන පරණ කැබිනෙට්ටුවේ තිබ්බා නම් ?
යාලුවා දැන් මොනා නිකං දුන්නත් වැඩක් නැහැ, ඔයාලා ගෙදර යන්න මල්ල ලෑස්ති කරන්න ඉන්න...රටම හිගමනට දාලා, උන්හිටි තැන් අහිමි කළ නුබලාට අපාය හැර තවත් තැනක් නොමැත
කැබිනට් මණ්ඩලයත් මේ කාර්යට ඇත ගැසුවා නම් බදු මිල තවත් වැඩි වෙයි
??? පාවිච්චියට ගත්තු පොල් තෙල් ගේන්නෙ මොකටද කියලා අහන්න වෙනවා සාමාන්‍යයෙන් වරක් පාවිච්චියට ගත්ත පොල් තෙල් විසයි නම් ඒවා ගේන්නෙ මනුෂ්‍ය ඝාතන සදහාද කියලා අහන්න වෙනවා එහෙම ගේන්න අවසර දෙන එවුන්ගේ මානසික තත්වය ගැන පරීක්ෂා කරන්න ඕන (මෙහිදී කියලා තියෙන්නෙ ඒවා සීමා කරනවා කියලා වුනත් එයින් පේනවා ඒවා ගේනවා කියලා) ඔහොම කරල 2048 සංවර්ධනය කොරන්නෙ කොහොමද ලොක්කා