(අංජුල මහික වීරරත්න)
බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට යුරියා කිලෝ 50 ක මිටියක් රුපියල් 15,000 ක මුදලකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මහ කන්නයේ බඩ ඉරිඟු වගාව සදහා බීජ බෙදාහැරීම අනුරාධපුරය පුලියන්කුලම ගම්මානයේ දී අද ඇරැඹුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.
මහ කන්නයේදී හෙක්ටෙයර් 60,000ක බඩ ඉරිඟු වගා කිරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බඩ ඉරිඟු බීජ බෙදා හැරුණු අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙවර මහ කන්නයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 2000 කට බඩ ඉරිඟු බීජ බෙදා දීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඩඉරිඟු ගොවියාටත් යූරියා දෙන්න යයි
පුරවැසියෙක්..... Saturday, 10 September 2022 08:18 PM
හැකි සෑම දෙයක්ම මෙරට වගා කිරීම සහ හැකි සෑම දේම නිෂ්පාදනය කිරීමට පමාවී හෝ දැන්වත් අරඹමු.
de silva Saturday, 10 September 2022 11:30 PM
පොහොර මිටියක් රුපියල් 15000ට අරන් වගාකරන්න පුළුවන්ද?