IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’බට අත’’ අයිතිය කෘෂිකර්මයට පවරයි

(අංජුල මහික වීරරත්න)

වසර 14කට පසුව හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ නීත්‍යානුකුල අයිතිය  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය.

මෙම උද්‍යානය මෙතෙක් අයත්ව තිබුනේ මහවැලි අධිකාරියටය. අවස්ථා කිහිපයකදීම මෙම උද්‍යානය පිළිබඳ අයිතිය කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීමට කටයුතු කළ ද එය ඉටු කර ගැනීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

නමුත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීමක් පරිදි හා සිදු කළ සාකච්ඡා අනුව බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ නීත්‍යානුකූල අයිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැවරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

මීට අදාල ඔප්පුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂිකා ආචාර්ය සාමන්ති වාසල මහත්මියට  බටඅත AgriTech-24 කෘෂිතාක්ෂණික ප්‍රදර්ශන භූමියේ දී බාර දෙනු ලැබීය.



අදහස් (1)

’’බට අත’’ අයිතිය කෘෂිකර්මයට පවරයි

chandima Monday, 04 March 2024 10:56 PM

මාර සංදර්ශනේ...? ආණ්ඩුවේම දේපළ ආණ්ඩුවටමනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site