IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බටහිර රටවල් කනස්සල්ලෙන්

යුක්රේන යුද්ධයේ දී රුසියාවට පූර්ණ සහාය ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරටට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පවසා ඇත. මෙය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි කනස්සල්ලට හේතුවක් වී තිබේ.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මේ අයුරින් උතුරු කොරියාවට පැමිණියේ වසර 24 කට පසුවය. උතුරු කොරියා නායකයාගෙන් රුසියන් ජනාධිපතිවරයාට ‘රතු පලස’ පිළිගැනීමක් හිමිවිය. රුසියන් ජනාධිපති පුටින් වැලඳ ගනිමින් සුබ පැතීමට ද කිම් ජොන් උන් අමතක නොකළේය.

රුසියයන් යුක්රේනය හේතුවෙන් රුසියාවටත්, න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් උතුරු කොරියාවටත් ඇමෙරිකාවෙන් සම්බාධක පැනැවීම් සිදු වී ඇත. යුක්f්න යුද්ධයේදී රුසියානු හමුදාවට අවශ්‍ය වෙඩි උණ්ඩ සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා රුසියාව උතුරු කොරියාවෙන් ලබා ගන්නා බවටත්, ඒ වෙනුවෙන් උතුරු කොරියාවට අභ්‍යවකාශ තාක්ෂණය රුසියාව ලබා දෙන බවටත් ඇමෙරිකා බුද්ධි අංශ චෝදනා නගා ඇත.



අදහස් (4)

බටහිර රටවල් කනස්සල්ලෙන්

රංබොඩ Wednesday, 19 June 2024 02:16 PM

එක්සත් රුසියාව බිඳ හෙළලා දැන් ඔවුන් ඔවුන් අතර යුද්ධයක් අවුලවලා රුසියාව වට්ටන්න දඟළන බටහියන්ට හරි දුක ඇති.

:       11       39

DHARMATILEKE Wednesday, 19 June 2024 02:20 PM

මේක පුදුම කතාවක්.. බොහෝ බටහිර රටවල් යුක්රේනයට දෙන්න පුළුවන් හැම දෙයක්ම දෙනවා. පුටින්ට උතුරු කොරියාව උදව් කරනවා කියපු ගමන් බටහිර රටවල් බයවෙලා.

:       11       43

ලුම්බිණි Wednesday, 19 June 2024 03:13 PM

පුටින් වෙන කාගෙන් උදව් ගන්නද?

:       6       27

Ruwan De Silva Wednesday, 19 June 2024 09:01 PM

බටහිර වැඩක් නෑ උතුර කොරියාවයි දකුණු කොරියාවයි තනි රටක් වෙච්ච දවසට ආසියාවේ තුන්වන බලවතා වෙන්න පුළුවන්. අනිත් එක ඉන්දීයාව- පකිස්ථානය එකතු වුනා නම් ලෝකයෙම බලවතා වෙන්න පුළුවන් ඔය ඔක්කෝම බටහිර කුමන්ත්‍රණ තමයි. හැබැයි විමල් වීරවංශ කියනවා වගේ ලංකාවට නම් එහෙම නෑ අපේ උන්ගෙම කුමන්ත්‍රණ හින්දා තමයි රට බංකොලොත් වුනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site