
(සුජිත් හේවාජුලිගේ)
බටලන්ද කොමිෂන් සභාව 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කර ඇති හෙයින් එවැනි කොමිසමකට කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීමට කිසිදු බලයක් නැති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.
කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ පනත අනුව පත් කරන කොමිෂන් සභාවලට පමණක් බවද ඔහු කීවේය.
1978 අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ පත්කරන කොමිෂන් සභාවල නිර්දේශ අනුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පවත්වා අදාල පුද්ගලයන්ගේ සිවිල් හෝ ප්‍රජා අයිතිය අහිමි කිරීමට හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී ජනතාවගේ ජීවත් වීමේ අයිතිය, නිදහස සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම් යම් සාධනීය වෙනස්කම් හෝ ප්‍රතිසංස්කරණ කළ හැකි බව පැවසූ මහානාමහේවා මහතා ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් අදාළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරිමේ හැකියාව නීතිපතිවරයාට ඇති බවද සඳහන් කළේය.
COMMENTS
රිලව් සංගණන නාටකය ඉවර වුණා විතරයි දැන් මේක.. තව සති දෙක තුනක් යනකම් බටලන්ද නාටකය. ප්‍රතිඵලයක් නෑ. පුස්ස බින්දා වගේ. බලය ලැබිලා මාස හයයි. කරපු එක සාර්ථක දෙයක් නෑ. ආණ්ඩුව එකෙන්ම ෆේල්.
අධිකරණය හරහා දඩුවම් දීමට පුළුවන්. මේවා සමූහ ඝාතන….
පොරොන්දු ප්‍රකාරව පුස්කාපු වාර්තාව පාර්ලිමේන්තු විවාදයට ගන්නවා. විවාද කරනවා. අන්තිමට වාර්තාව කල් ඉකුත් වෙලා නිසා මේ වාර්තාවට අනුව යාවත්කාලීන සාක්ෂි ප්‍රමාණවත් නැහැ කියල පාර්ලිමේන්තුවෙන් තින්දු කරනවා. දැනට නාටකය තිර රචනය කරල තියෙන්නෙ එහෙමලු. කාටවත් බිය වෙන්න දෙයන් නැහැ.
මෙච්චර කල් නිදාගෙන හිටපු ඔක්කොම පණ්ඩිත විශාරදයෝ දැන් තමයි එළි බහින්නෙ. නන්දන වීරරත්න සහ තව දෙතුන් දෙනෙක් ඇරෙන්න මුළු රටක්ම මේක කොට්ටේ යට තියං හිටියේ රනිල්ගේ 3 ශ්‍රී ෆෙරාරිය, ගූගල් මැප් වරද්දගෙන අල් ජසීරා තාප්පෙ හැප්පෙනකං.
හරි බං. ඒක අපි දන්නවනෙ. පොඩ්ඩක් ජෙබයියො චූන් කරල ගන්නෙ මේ ඡන්දේ ගොඩ දාගන්න. උඹලත් එක්ක බෑනේ ඉතින්.
ඕවා කියන්න ගිහින් ඔබතුමාගේ ප්‍රජා අයිතිය නැතිවෙයි ඔන්න.