IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බීජිං නුවර ගුවන් ගමන් 1,255ක් අවලංගුයි

චීනයේ බීජිං අගනුවරින් නව කොරෝනා ආසාදිත පොකුරු හමුවීමත් සමඟ පාසල් වසා දැමීමටත් ගුවන් ගමන් අවලංගු කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ.

අවසන් දින හයේදී චීනයෙන් කොරෝනා ආසාදිතයන් 137 දෙනකු හමු වී තිබෙන අතර මේ තත්ත්වය හේතුවෙන් දෙවැනි වයිරස රැල්ලක් ඇතිවීමේ අවදානමක් හටගෙන ඇත.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දැඩි පියවර ගැනීමට චීන බලධාරීහු පියවර ගත්හ. චීනය ඊයේ දිනයේදී පමණක් ගුවන් ගමන් 1,255ක් අවලංගු කිරීමට පියවර ගත්හ.

පසුගිය සති දෙකේදී බීජිං නුවරට ගිය සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය කිරීමට චීනයට අයත් පරිපාලන ප්‍රදේශයක් වන මැකාවෝ පියවර ගෙන ඇත.
ඊට අමතරව චීනයේ නගර සහ පළාත් රැසක් අගනුවර මතු වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත වරක් දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර ගෙන තිබේ.
නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමඟ චීනයේ බීජිං අගනුවර පාසල් වසා දැමීමට නගර බලධාරීහු ඊයේ (16) පියවර ගත්හ.

චීනයේ බීජිං අගනුවරින් නව වයිරස ආසාදිත පොකුරු හමුවීමත් සමඟ රට තුළ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ද හටගෙන තිබෙන අතර මේ තත්ත්වය හේතුවෙන් බීජිං අගනුවර පාසල් වසා දමන්නැයි එම නුවර අධ්‍යාපන කොමිසම නියෝග කළේය.

බීජිං අගනුවර මිලියන 21කට ආසන්න පිරිසක් ජීවත් වෙති.

‘වීචැට්’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් පාසල් වසා දමන්නැයි නියෝග කළ බීජිං අධ්‍යාපන කොමිසම බදාදා සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි ද දැනුම් දුන්නේය. විශ්වවිද්‍යාලවලට සිසුන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතා දමන්නැයි එම කොමිසම උපදෙස් දී ඇත. 

ඒ.එෆ්.පී./රොයිටර්

055

 



අදහස් (0)

බීජිං නුවර ගුවන් ගමන් 1,255ක් අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site