(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
රටේ විශාල කෘෂිකර්ම වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක වුවත් ගොවි ජනතාවගේ දරිද්‍රතාවය නිරන්තරයෙන් වැඩි වෙමින් පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
ඔවුන්ගේ ජීවන තත්ත්වය දිගුකාලීනව අයහපත් වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක දී ලාල් කාන්ත මහතා මේ බව කීය.
ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ව්‍යාපෘති වඩාත් විධිමත්ව හා ඵලදායීව යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් මඟ පෙන්වීම ලබා දිය හැකි බව ද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.
එමෙන්ම කෘෂි බෝගවලට හානිකරන රිලවුන් සහ අලීන් ඇතුළු සතුන් පාලනය සඳහා වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අන්තර් අමාත්‍යංශ ඒකකයක් පිහිටුවන බවත් පැවැති ආණ්ඩු ගොවි ජනතාවගේ අස්වනුවලට වන සතුන්වගන් වන හානිය වළක්වාගැනීමට කිසිදු විසඳුමක් ගෙන නොමැති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
ගොවි ජනතාවට ඍජුවම බලපාන වන සත්ව උවදුර පිළිබඳව අවධානය යොමු කර වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය අනුව එම ගැටළුව විසඳීම ප්‍රමුඛ කාර්යක් බවට පත්ව ඇති බවත් හදිසි ආපදා තත්ත්වය හමුවේ වගාවි ජනතාවගේ භෝගවලට සිදුව ඇති හානි සහ වාරි පද්ධතියට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත්කරගැනීමට ක්ක්‍ෂණික පියවර ගන්නා බවත් ඒ මහතා කීය.
වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මේ වන විටත් සකස්කර අවසන් බව ද අමාත්‍ය ලාල්කාන්ත මහතා කීය.
කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත විමලේන්ද්‍ර ශරන් සහ සංවිධානයේ නියෝජිතයෝ මෙම හමුවට සහභාගී වූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බෝගවලට හානිකරන සතුන් පාලනයට විද්‍යාත්මක ක්‍රමයක්
රුවන් Friday, 06 December 2024 08:28 PM
මම කියන්නේ රිලව් 70% වඳභාවයට පත් කරන්න ඕනේ, සමහර රටවල් වගේ. අලි ගහණය නම් ලංකාවේ තර්ජනය ලක්වෙලා ඉන්නේ. ඒ අයගේ රක්ෂිත සීමාව ඉහළ දාන්න ඕනේ. අනිත් එක ලංකාවේ මිනිස්සු සත්තුන්ට කන්න දෙන එක තහනම් කරන්න ඕනේ, ඒ හින්දා තමයි ඔය ප්‍රශ්න.
pj Saturday, 07 December 2024 05:35 AM
බෝගවලට වඩා නතර කරගත යුත්තේ මිනිස් ජීවිතවලට වන හානිය බව මහාචාර්ය කට්ටලයට කවදා තේරුම් යාවිද?