IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බැංකු යන්ත්‍රයෙන් කෝටි පහක සල්ලි ඇදලා

රවින්ද්‍ර විරාජ් අබයසිරි )

ජාත්‍යන්තර මුදල් ගනුදෙනු කළ හැකි බැංකු කාඩ්පතක් භාවිත කරමින් මාතලේ නගරයේ රජයේ බැංකු ශාඛාවක එ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් (48084000) වංචනික ලෙස ගත් බව කියන දෙදෙනකු සහ ඊට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පැවසීය.

සැකකරුවන් එම හාරකෝටි අසූ ලක්ෂ අසූහතරදාහක මුදල මාතලේ නගරයේ රජයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකින් දින 38 ක තුළදී අවස්ථා 387 කදී ලබාගෙන ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බව ද පොලිසිය කීය.

අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඩුබායිහි සේවයේ නියුතු මාතලේ උකුවෙල මානම්බොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයකු නිවාඩු සඳහා මේ රටට පැමිණ ජාත්‍යන්තර ගනුදෙනු කළ හැකි බැංකු කාඩ්පත භාවිත කර කෝටි දෙකක පමණ මුදලක් ලබාගෙන නැවත විදේශ ගත වී ඇති බවත් අදාළ සැකකරු නැවත විදේශ ගත වන විට එම බැංකු කාඩ්පත මාතලේ උකුවෙල තවලංකොය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක ඔහුගේ මිතුරකු වෙත දී ඇති බවත් පොලිසිය පැවසීය.

 



අදහස් (1)

බැංකු යන්ත්‍රයෙන් කෝටි පහක සල්ලි ඇදලා

ගුණරත්න Sunday, 20 July 2025 10:15 PM

මේ කාලකණ්නියා රස්සාව කරන තැනදී ඩුබායි පොහොසතෙක්ගේ කාඩ් එක කොපි කරගෙන මෙහෙ ඇවිත් වංචා සහගතව සල්ලි ඇදලා රටේ නමත් කැත කළා, මුන්ට උන්ගේ මෑණියන් පෙවූ කිරි මතක් වෙනකම් තලලා අවුරුදු ගානකට හිරේ දාන්න ඕන

:       3       20

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17880 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10692 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 153 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 49 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site