IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බොක්සින් සූරයා කපා කොටා පුළුස්සා මහ මඟ දමා යයි

(ධම්මික ගුණවර්ධන)

බොක්ෂිං ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් දක්ෂ බොක්ෂිං ක්‍රිඩකයකුවූ එම්. එස්. දිනූෂ ලක්ෂාන් ක්‍රිඩකයා මහනුවරදී කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ආසන්න පාඵ ප්‍රදේශයක දමා ගොස් සිටියදී හමුවූ බව ඔහුගේ ඥාතීහු පවසති.

මහනුවර රෝහල් පටුමඟේ පිහිටි සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියක් සම්බන්ධයෙන් වූ ගණුදෙනුවක් පිළිබඳව කතා කරගැනීමට යැයි පවසමින් පුද්ගලයකු රෝහල් පටුමඟ හංදියට කැඳවාගෙන ගොස් එහිදී ත්‍රී රෝද රථ දෙකකින් පැමිණි මැර කණ්ඩායමක් යොදවා තම පුතුට යකඩ පොඵවලින් පහරදී පැහැරගෙන ගොස් ඇති බවට දිනූෂ ලක්ෂාන්ගේ මව වූ වී. කේ. පෙරේරා මහත්මිය පැවසුවාය.

කෙසේ නමුත් තම පුතුගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පසුව තම ඥාතීන් හා හිතවතුන් එක්ව තම පුතු පිළිබඳව එදින රාත්‍රීයේදී කළ සොයා බැලීමේදී ඔහුට පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ප්‍රදේශයේ පාඵ ස්ථානයක දමා ගොස් සිටියදී හමුවූ බවට වැඩිදුරටත් පැවසුවාය.

ලක්ෂාන්ගේ ඥාතීවරයෙ.කුවූ සුරේෂ් ලක්මිණ මහතා පැවසුවේ තම ඥාතී පුතු වහාම මහනුවර මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කළ බවත් ඔහුට එම ප්‍රහාරය කිසියම් ආරක්ෂාක අංශයකින් සිදුකළ බවට ඔහු පැවසූ බවත් වැඩිදුරටත් පැවසුවේය.



අදහස් (17)

බොක්සින් සූරයා කපා කොටා පුළුස්සා මහ මඟ දමා යයි

ගජමිතුරු Wednesday, 14 December 2022 06:48 PM

ඔහු සමග තරග කරන්න හිටපු ප්‍රබල පුද්ගලයින් කවුද බලන්න...

:       24       72

nihal Wednesday, 14 December 2022 06:52 PM

තාජුදින් මරපු අලුගෝසු පක්ෂලා ආයෙත් වැඩ පටන් අරගෙනද...? එදා 9 වෙනිදා ඔක්කොම පරලොව ඇරියානම් ප්‍රශ්න ගොඩකින් රට නිදහස්. මීළඟ අරගලය පටන්ගත්තු වහාම ඕකුන්ගේ වැඩ ඉවර කරමු...

:       137       660

chinthanaWednesday, 14 December 2022 11:59 PM

අනිවාර්යයෙන්ම .

:       38       143

විජේ Thursday, 15 December 2022 08:12 AM

නිහාල් ගැන අනුකම්පා කරලා, මේ නත්තලටවත් මොලයක් තෑගි දෙන්නකො නත්තල් සීයේ.........

:       43       68

loliThursday, 15 December 2022 01:45 PM

එකෙන්ම...!

:       4       16

sirilThursday, 15 December 2022 03:56 PM

අනිවාර්යයෙන්ම .මුන් පන පිටින් ලෝකේ කොහේ හිටියත් මේ රට අනතුරේ .අර පවුලේ අයට එහෙම කරා නම් 60% ප්‍රශ්න ඉවරයි

:       3       12

kapila Thursday, 15 December 2022 12:32 AM

දැන් ඉතින් පොලිසිය විමර්ශන පටන් ගනී.

:       1       24

කිරිපුකා Thursday, 15 December 2022 01:00 AM

මෙයා බොක්සිං ක්‍රීීඩාවක් විදිහට කරන නිසා එක්කෝ ආරක්ෂක අංශයකට හරි කාට හරි ගහන්න ඇති... මේ කරපු වැඩේ හොඳයි කියනවා නෙවෙයි. නමුත් මේ සිද්ද වෙලා තියෙන්නේ ප්‍රති ප්‍රහාරයක්නේ... හැම එකකටම දේශපාලනයම ගාගන්න අයත් ඉන්නවා හැමතැනම.

:       18       57

kalapuwaThursday, 15 December 2022 02:55 PM

මුන් නිකං බකං හිටිය වගේ කථාකරන්නෙ

:       4       11

ලුම්බිණි Thursday, 15 December 2022 05:00 AM

ආරක්ෂක අංශ නියම විදියට නේ ආරක්ෂා කරන්නේ.

:       15       29

විජේ Thursday, 15 December 2022 08:28 AM

අනේ මෙහෙමත් අපරාධ.

:       1       36

උත්පලා Thursday, 15 December 2022 08:32 AM

ඔබ‍ට ඉක්මන් සුවය ලැබේවා.... නහී වේරේන වේරණී...... තෙරුවන්සරණයි.

:       1       50

Akila Thursday, 15 December 2022 09:15 AM

බලමු දැන් රනිල් මේ ගැන පාර්ලිමේතුවේදී කතාකරයිද කියලා.., පොහොට්ටුවෝ ටික විශේෂ විවාදයක් තියලා විරෝධය ඵලකරයිද කියලා...

:       8       24

Hafeel Thursday, 15 December 2022 01:58 PM

බලාගන ඉන්න රනිල්ගෙන් සාධාරණ ඉටු වෙන කම්, රනිල් එවිල්ල ඉන්නේ අපරාධකරුවන් ආරක්ෂා කරන්න මිස රට යහ මගට ගේන්න නොවේ. රනිල් එදත් අපරාධකරුවන්, මිණී මරුවන්, කප්පම් කරුවන්, දුෂිතයන් ආරක්ෂා කළා සහ අදත් ඒ වැඩේ සාර්ථකව කරගන යනවා.

:       6       18

Bunny Preena Thursday, 15 December 2022 11:50 AM

අනේ මන්දා..! ලංකාව හොඳටම රත්වෙච්චි උඳුනක් වගේ...

:       1       22

ගමේ එකාලා Thursday, 15 December 2022 06:06 PM

රටකට වෙච්චි දෙයක්... කාලයක් දේශපාලුවන් සුදු වෑන් ඝාතන අතුරුදහන් කෙරුවා. දැනුත් කරන්නේ අපරාධ. මේ දේවල් කරලා මොනවාද ලැබෙන්නේ...? පව් පුරෝ ගන්නවා. නරකාදිය තමයි අන්තිමට...?

:       0       8

ranjith Thursday, 15 December 2022 07:41 PM

යහපත් පාලකයෝ මතුවට හෝ බිහිවේවා...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 501 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site