IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’’බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට’’

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඩොලර් මිලියන 2 ක මුදලක් එහි ගිණුමකින් ලබාගෙන වෙනත් පාර්ශවයක ගිණුමකට මාරු කිරීමට සූදානම් වූ බවට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳව වෙනත් ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට කළ ප්‍රකාශයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදේශ ආයතන සමඟ කටයුතු කිරීම නිසා ඇමෙරිකානු ඩොලර්වලින් ගිණුම් පවත්වාගෙන යන බවත් එය එසේ වුවද එහි දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් වලින් මුදල් ගෙවීම් කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිණුම්වලින් මුදල් ලබා ගැනීම සාමාන්‍යයෙන් කරන  කටයුත්තක් බවත්  මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනත් කිසිදු හේතුවක් මත මුදල් ලබා ගැනීමේ උත්සාහයක් නොකළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි. 



අදහස් (9)

’’බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට’’

Lakmal Thursday, 09 November 2023 03:35 PM

අඩේ ඇමරිකන් ඩොලර් මිලියන 2ක් දෛනික වියදම් වලට ඔනෙ වෙන ලන්කවෙ තියෙන ස්පොර්ට්ස් ඔෆිස් එකක් ගැන ඇහුවමයි.. මොන බොරුව හරි හරියට කරන්නවත් දන්නෙ නැති හිගන්නො.

:       2       50

Chithraka Thursday, 09 November 2023 03:47 PM

සේවාදායකයාගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බැංකුවට එරෙහිව පියවර ගැනීම අවශ්යයි. සේවාදායකයා කවුරුන්ද යන්න ප්‍රශ්නයක් නොවේ

:       41       8

රංපොඉ Thursday, 09 November 2023 04:03 PM

මල්ලිලා සූටි ගේමක් දෙන්න හදන්න ඇති. මේක මොන ගේමක්ද , දීලා තියෙන ඒවත් එක්ක සැසඳුවාම කියලා හිතෙන්න ඇති.

:       2       36

චන්දන Thursday, 09 November 2023 04:21 PM

ක්‍රීඩා ඇමැතිගෙන් වැඩක් නැහැ. තමුන්ලා ලෝක හොරු බව අපි දන්නවා. ගහලා එළවන්නත් බැරි හේතු තියෙනවානේ...!

:       0       0

Sena Thursday, 09 November 2023 05:41 PM

තණකොළ නැහැ... ගහ මුදුනේ. ඒකය් බිමට බහින්නේ...

:       1       16

Kumara Thursday, 09 November 2023 05:44 PM

ඒකනේ... ලංකාවේ පුන්නක්කු, පැදුරු කන හරක්ට ඕක තේරෙනවද?

:       0       6

Deepal Nirosh Thursday, 09 November 2023 08:06 PM

දැන් මේ පාර්ලිමේන්තු අනුමත යෝජනාවට එරෙහිව අභියාචනයක් කරන්න රුපියල් ලක්ෂ කීයක් විතර යාවිද? ඒ රාජකාරිවලට නොව මේ සල්ලි ගත්තේ. මේ කෂ්ටියට නීති කටයුතු ගැනවත් දැනීමක් නැහැ...!

:       0       3

Bamunuarachchi Friday, 10 November 2023 05:33 PM

අමුතුවෙන් ප්‍රතිරූප මවන්න ඕනේ නැහැ අපි ඔහෙලාගේ නියම රූපය දන්නවා. පොඩි අතුරු ප්‍රශ්නයක් තිබෙනවා. ලංකා කණ්ඩායම පුහුණුවන්නේ ලංකාවේද? එසේ නම් ඔවුන් පුහුණු කරන ස්වදේශික පුහුණුකරුවන්ට ඩොලර්වලින් වැටුප් ගෙවන්නේ ඇයි...? ඔවුන් බදුවලින් නිදහස් කිරීමටද? ස්වදේශික පුහුණු කරුවෙකුට ඩොලර් 20000 වැටුපක් ගෙවන බව ඊයේ පාර්ලිමේන්තුවේ කියැවුණා...!

:       0       1

Bamunuarachchi Saturday, 11 November 2023 11:04 PM

දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියන කථාව මතක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site