IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බොක්කේ පීඩනය නිසා මුහුද රළු වේ

(ඩයනා උදයංගනී)

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එැබැවින් අද (31) දිනයේදී ධීවර හෝ නාවික කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

දිවයින වටා මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් හෙට (1) දිනයේ ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි බලපෑමෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

 



අදහස් (1)

බොක්කේ පීඩනය නිසා මුහුද රළු වේ

Perera Tuesday, 31 January 2023 09:47 AM

අපෙත් බොක්කෙ පීඩනෙ වැඩියි මෙ දවස්වල.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site